
(යොහාන් භාසුර)
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඊළඟ බෙදාහැරීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය සහ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනිවාර්ය බවත් දැනට පෝලිම්වල තිබෙන වාහන ඉවත්කිරීමෙන් පසුව පමණක් ඉන්ධන බෙදාහරින බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස අඛණ්ඩ ඉල්ලීම් කර ඇති බවත් ජාතික ඉන්ධන බලපත්‍රය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ සහය අනිවාර්යෙන් අවශ්‍ය බවත් අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.
කෙසේ වුවද අද සවස් වන විටත් ඇතැම් ප්‍රදේශවල දැඩි පොලිම් දක්නට ලැබිණි
ගම්පහ, කොළඹ,කළුතර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පෝලිම්වල සිටිනු දක්නට ලැබිණි.
ගම්පහ ප්‍රදේශයේ ඉන්ධන පෝලිම් (තිලකරතන දිසානායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට ඕනේ පෝලිම් නැතිකරන්න මිසක්, මිනිස්සුන්ට ඉන්ධන දෙන්න නෙවෙයි.. ඉස්සෙල්ලත් නැව් එන්නේ නැහැ පෝලිම්වල ඉන්න එපා කියලා බොරු කිව්වා.. ඒ කිව්ව සතිය පුරාම ශෙඩ්වලින් ඉන්ධන දුන්නා...
කියන දෙයක් නොතේරෙන, තියෙන ප්‍රශ්න නොතේරෙන, අසංවර, අවිනීත, ආත්මාර්ථකාමී මිනිසුන් පාලනය කරන්න වෙන්නේම තදින් නීතිය ක්‍රියාත්මක කිරීමෙන්ම පමණයි.
මෙම ක්‍රමයෙන් පිට ඉන්ධන දෙන්න එපා. මගේ වාහන දෙකට මාස ගාණකින් ඉන්ධන බිඳක් ලැබුණේ නැහැ. මට QR කෝඩ් එක ලැබුණා. ත්‍රී වීලර් කාරයින් ටික පෝලිමෙන් පැන්නපු ක්‍රමයක් හදපු එක හොඳයි.
දැනට ක්‍රියාත්මක තෙල් ගබඩා කොට වැඩිමිලට විකුණන මාෆියාව අවසන් කිරීම සඳහා මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම සඳහා රජයට සහාය වීම මේ මොහොතේ කළ යුතුම වේ. එසේ නොමැතිව එහි නොයෙක් අඩුපාඩු කියමින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ තෙල් හිඟය මතින් වාසි ලබන පිරිස් විය හැකි බැවින් නොදැනුවත්ව හෝ එහි ඉත්තෙකු නොවන්නට පරිස්සම් වන්න....!
මිනිස්සු පෝලිමේ ඉන්නේ ජොලියටවත්, ඇඟේ අමාරුවටවත්, ගෙදර ඉන්න බැරිකමටවත් නෙවෙයි කියලා මේ පුතාට තේරෙන්නේ නැති හැටි.
නියමයි...! මෙතෙක් ඉවසුවා වගේ ඒ දින ගන්නත් ඉවසන්නම්...