(අංජුල මහික වීරරත්න)
ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඉහත ක්ෂේත්‍රවලට අයත් නිලධාරීන් සමඟ අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දුන්නේය .
ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාවගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙස රත්නායක මහතා උපදෙස් දුන්නේය.
භූමිතෙල් මිල වැඩි වීම සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර, එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ද සාගල රත්නායක මහතා කීය.
වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කෙරිණි.
වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ වන විට පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලු ද කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගැනිණ.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් එච් එස් සමරතුංග මහත්වරු ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන,ගෑස් හා ගොවි ගැටළුවලට සාගල මැදිහත් වෙයි
මරික්කාර් Friday, 02 September 2022 08:10 AM
මහජන මුදල් මංකොල්ල කන හොරුන් රට හදන්න ඉස්සෙල්ලා රජයෙන් එළවිය යුතුයි.
ලුම්බිණි Friday, 02 September 2022 09:37 AM
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නම් මේ මොන උපදෙස්ද දෙන්නේ?
ravin Friday, 02 September 2022 10:06 AM
ඔය ඔක්කොම කරුණු කාරණා පිටිපස්සේ ඉන්න... පුතාණෝගේ නම් ටික හෙළි කරන්නකෝ... ජනතාව ඒගොල්ලන්ට අවශ්‍ය පිළිතුර ලබාදෙයි.
Susila Friday, 02 September 2022 10:08 AM
ගෑස් ගෙන්වීම සහ බෙදාහැරීමේ කටයුතු වලටත් තවත් ආයතන දෙක තුනක් ඇතුළත් කරගත යුතුයි... එයත් නිදහස් කිරීම වැදගත්...!