(යොහාන් භාසුර)
ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන සඳහා මහ බැංකුවේ අධිපතිතුමා ඩොලර් ප්‍රමාණයක් වෙන්කර තිබුණත් ඩොලර් මිලදීගැනීමට රුපියල් අඩුවීමට එකම විකල්ප මුදල් මුද්‍රණය කිරීම බව කී අමාත්‍යවරයා අධිපතිතුමා සහ ලේකම්තුමා මුදල් මුද්‍රණය කියන අවසාන විකල්පයට අකමැති බව ද සඳහන් කළේය.
රටට ළගාවෙමින් නියමිත ඉන්ධන නෞකා හතරකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160 ක් පමණ සෙවීම මේ දිනවල අභියෝගය බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන සඳහා වන ඩොලර් මිලියන 530 ක අවශ්‍යතාව රටේ මුදල්වලින් කළමනාකරණය කළ නොහැකි බවත් ඩොලර් මිලියන 30 කට ණයවර ලිපියක් නිකුත්කිරීමට නොහැකිව දැවිතෙල් නෞකාවක් දින 20 ක කාලයක් නිදහස්කරගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විදුලිය අර්බුදයක් තිබෙන වෙලාවක ලවුඩ්ස්පීකර් බැඳගෙන කරන දේවල් ගැන මොකද හිතෙන්නේ?
පොඩ්ඩක් ඉවසන්න... අපේ සර් පාස් වෙනකන්...!
එක සැරේ ඩොලර්ම අච්චු ගහන්න අපිට කරදර නොකර...
මෙයාට තේරෙන්නේ නැද්ද රුපියල් අච්චු ගහලා ඩොලර් හොයන්න බෑ කියලා...
ඩොලර් එකට නියමිත වටිනාකම දෙන්න, එතකොට ලංකාවට ඩොලර් ලැබෙයි. නුඹලා දැන් කරන්නේ ඩොලර් මංකොල්ල කන එක.
අපි ලීටරේට රුපියල් 420 ගානේ ගෙවන රුපියල්වලට මොකද වෙන්නේ..?
එහෙනම් ඉතින් ඩොලර් තමයි අච්චු ගහන්න වෙන්නේ..!
වහාම මේ දැනදැන වලේ වැටෙන ක්‍රියාවලිය නතර කළ යුතුයි. හිඟ කර ඇති ජල සහ විදුලිබිල් අය කර සාධාරණ ලෙස එම ගාස්තු ඉහළ දැමිය යුතුයි. එමගින් ජලවිදුලි පරිභෝජනය අවම වීමෙන් සියල්ලන්ටම සහනයක් වනු ඇත. වසර හතකින් ජලවිදුලි බිල් වැඩි නොකිරීම ඉතාම අස්වාභාවික ක්‍රියාවක් බව සිහිබුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. මෙමගින් මෙම ආයතන වලපල්ලට යාමත් එයට මුවාවී මේවා විකුණා දැමීමටත් ඉඩ සැලසෙනු ඇත...
බාරගත්තු වැඩේ කරන්න බැරි නම් අස්වෙලා යනවා මිස විරිත්තලා වැඩක් නෑ..
ඇමතිතුමා, අපි ගන්න තරමක් ඉන්ධන ගන්නේ අමාරුවෙන් හම්බ කරපු මුදලින්. ඒවාට මොකද වුනේ..? මේක විහිලු සපයන වෙලාවක් නොවෙයි...
රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඉන්නේ ඩොලර් හොයලා දෙන්න තමයි.. එයාගේ මිතුරු රටවල් වලින් පට් පට් ගලා ඩොලර් හොයලා දෙයි ඉවසන්න!!
ඔබලා කවද්ද මේ නාටකේ ඉවර කරලා ගෙදර යන්නේ...?
මොකට ඔතන ඉන්නවද? යන්නකෝ ගෙදර.. අපි සල්ලි දීල ඉන්ධන අරගන්නේ.. රුපියල් අච්චු ගැහුවාට ඩොලර් වැඩිවෙන්නේ නැහැ. තවත් රුපියල බාල්දු කරන්න හදන්නේ...!