(යොහාන් භාසුර)
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉදිරියේදී ‘ටෝකන්‘ ක්‍රමය ක්‍රියාත්මක නොකරන බවත් ‘ටෝකන්‘ ක්‍රමය රජය ක්‍රියාත්මක කරන එකක් නොව ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කරන එකක් බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පස්වරුවේ පැවසීය.
ඉන්ධන නොමැති අවස්ථාවේදී බලාපොරොත්තුවකින් තොරව පසුගිය මස අග පෝලිම්වල රැදී සිටි ජනතාව පෝලිම්වලින් ඉවත් කිරීමට ‘ටෝකන්’ ලබාදුන් අතර නැවත ඉන්ධන ලැබුණු පසු එම ජනතාවට ප්‍රමුඛතාව ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ‘ටෝකන්’ ක්‍රමය අවසන් කිරීමට තමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සාකච්ඡා කළ බවත්ය.
ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන බව කී අමාත්‍යවරයා ‘ටෝකන්’ ලබාගැනීමට පෝලිම්වලට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන විශාල වශයෙන් එකතු කරන එක නවත්වන්න සහ පාලනයකින් එය පාවිච්චි කරන්න ඕනෑ කියන දේ රජයත්, මහජනතාවත් මේ මොහොතේ තේරුම් ගත යුතු සත්‍යයක්, එසේ නම් කේසේද එය කළ හැක්කේ...? 1. සතියකට එක වතාවක් සෑම ලියාපදිංචි වාහනයක් සඳහාම ෆුල් ටෑන්ක් කීරීමට අවස්ථාව ලබාදීම මෙමගින් අත්‍යාවශ්‍ය කාරණා සඳහා අපිට වාහනයේ ඉන්ධන පරිස්සමින් පාවිච්චි කරන්න පුළුවන්, ත්‍රීවීල් එකක් දුවන මනුස්සයෙකුට තමන්ගේ ජීවනෝපාය යාන්තමින් හෝ ගැටගසා ගන්න පුළුවන්, බයිසිකලෙන් වැඩට යන මනුස්සයා, කවුරුත් තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම කළහැකියි. අනවශ්‍ය පරිහරණය නැවැත්වීම වේවි.. උදාහරණයක් ඔබගේ නිවසේ සිට පයින් යන්න පුළුවන් ගමන්, පාපැදියෙන් යා හැකි ගමන් කොතෙක් අපි ඉන්ධන පුච්චගෙන යනවාද...? ඒහෙම කරන්න බැහැ දැන්.. යම් පිරිමැසුම් දායක ක්‍රමයකට යා යුතු වෙනවා... රටට හරි දිශාවට යොමු කරන තෙක්... කවුරුන් හෝ..!
කොහොමද ඇන්දිල්ල? අපිට ඇරගෙනම යනවා...
බංකොළොත් වුණු රටක බංකොලොත් ඇමැතිවරු ජනතාව ගොනාට අන්දන හැටි...
මම මේ කල්පනා කරන්නේ ගල්, වැලි, පස් ප්‍රවාහනය කරන වාහනවලට අනිත් වාහන වලට කළින් තෙල් ගහන්නේ මොන අත්‍යාවශ්‍ය සේවයක් යටතේද කියලයි...
මේ පෝලිම අඩු කරන, ඉන්ධන එක් රැස්කර වැඩිමිලට විකිණීම නතර කිරීමට, හැම කෙනෙක්ම යම් ප්‍රමාණයකට හෝ ඉන්ධන ලබා ගැනීමට, මේ ප්‍රශ්නය මොනයම් හෝ ක්‍රමයකින් අවසන් වෙනකන් ඔබටත් ඇති අදහසක් මෙහි සටහන් කරන්න. පාලකයින්ට නිසි අධ්‍යාපනයක් නැති, නිලධාරීන් පොළවේ පයගසා ජීවත් වනවාදැයි සැකයක් ඇති රටක, අප ඔබගේ අදහස් යෝජනා යම් දිනෙක හෝ වැදගත් වේවි..!
නියාමනය කරන ලද කොටාවක් ලබා දෙන්න. ෆුල් ටැන්ක් එකක් සතියට සැරයක් පවුද්ගලික පාවිච්චියට ගන්නා වාහන වලට ලබාදෙන්න. කිලොමිටර් පමාණයක් දිවිමට හැකි එතකොට. එකත් පොඩ්ඩක් බැලුවනම් හරි. අවම කාර් එකක් 10 ක් කරනවා, ඒතකොට ටුක් එකක් 15ක් කරන්වා, බයික් එකක් 25ක් වත් කර්නවා කියන උපකල්පණය මත. සතියෙන් සතිය මිටරෙ වෙනස් කරමින් තෙල් එකතු කර්නාවාද කියන එක තව වැඩක්. ඒකට කමක් නැ, නමුත් පොලිම් අඩු වෙවී.
අයියෝ ඔයත් ඉවරයි එහෙනම්...
එක එක වෙලාවට එක එක කතා. දිවවල් කීයකින් කතා කරනවද? ටෝකන් දෙන්නේ එදා පෝලිමේ සිටිය අයට පමණයි කියලා එදා කිව්වේ නැහැ. ජනතාවත් දවසක් පොලිසියෙන් ටෝකන් ගත්තා. තව දවසක් හමුදාවෙන් ගත්තා. ඒ ටෝකන් වලින් වාහන දුවන්නේ නැහැ. දැන් ඒ ටෝකන් කිසිම වැදගැම්මකට නැහැ. ඇමැතිලගේ ගොන් වැඩ...