IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර මිලියනට හතක වියදමක්

(දයාසීලි ලියනගේ)

තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුව විදීමට සිදුව ඇත.

ඉන්ධන මිල දී ගැනීම ඉන්දියාවට යාමට ඒමට යන වියදම හා ඉන්ධන, ගුවන් යානාවල ක්ෂය වීම සඳහා මෙම පාඩුව සිදුවන බව ගණන් බලා ඇත.

තෙල් ලබා ගැනීම සඳහා ගුවන් යානා විසිපහක් තිහක් අතර ප්‍රමාණයක් මසකට ඉන්දියාවට යන බව සඳහන් වේ. මේ පියාසර කිරීම අතිරේක ගමනක් වන අතර ගුවන් යානාවල ක්ෂය වීම දීර්ඝ කාලීනව බලපාන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කීය.

දිනකට ගුවන්යානා ඉන්ධන ලීටර් ලක්ෂ පහමාරක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වේ.

 



අදහස් (1)

ඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර මිලියනට හතක වියදමක්

de silva Friday, 02 September 2022 02:47 PM

ගුවන් තොටුපලේ සේවා කටයුතුවලට, ගුවන් සමාගම් මගින් ගුවන් ගතවන මගියෙකුට ඩොලර් 46 බැගින් සහ ගුවන් යානාවල සේවා කටයුතු සහ ඉන්ධනවලට ගාස්තු ගෙවනවා. මේවා ගෙවන්නේ ඩොලර්වලින්. ගුවන් යානා ඉන්ධන ගෙවන එක කළමනාකරණය කරගන්න බැරිද? ඇමැතිලා සහ නිලධාරීන් නිදිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 566 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site