
(ඩයනා උදයංගනී)
ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි.
විරෝධතාවයට එක්වූ පිරිස බොරැල්ල කැම්බල් පිටිය අසල සිට බොරැල්ල මංසන්ධිය දක්වාත් එතැන් සිට යළි කැම්බල් පිටිය දක්වාත් පා ගමනින් ගොස් එහිදී උද්ඝෝෂණයක ද නිරත වූහ.
‘ඉන්ධන කෝටාව වහා නවතනු’, ‘රෝද තුනේ අපි අනාථයි’, ‘පවුල රකින අපිට 5යි, රාජ්‍ය ඇමතිවරු 37යි’, ‘තෙල් නැති ජීවිතේ, ලීසිං මරුවා සමඟ වාසේ’ ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රි රෝද රියදුරන් තෙල් පෝලිම්වල ඉඳන් තෙල් ජාවාරම් කළ නිසා මුළු රටම අකර්මණ්‍ය වුණා. දැන් QR කෝඩ් එක තිබෙන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නැතිව තෙල් ටික ගහගෙන අරපරිස්සමෙන් ජීවත් වෙන්න පුළුවන්. ලීටර් 5 දුන්නා කියලා ත්‍රිරෝද රථවල හිඟයක් පාරෙ දකින්න නැහැ. ඔවුන් ළඟ හංගපු ඉන්ධන තියෙනවා.
මෙයාලා රුපියල් 2000ට, 2500ට පෙට්‍රල් විකුණන කොට මේ තක්කඩින්ට මෙහෙම වෙයි කියලා හිතෙන්න නැතිව ඇති. ඔච්චර අමාරු නම් ත්‍රිවිල් එක විකුණලා දාලා ඇඟ මහන්සිවෙලා රස්සාවක් හොයාගන්න කියන්න. මහපාර වනසන හැතිකරයක්...
හරීන් සහ මනූෂගෙන් දැන් අහන්න තියෙන්නේ මෙහෙමද රනිල් රටේ ආර්ථිකය ගොඩ දාන්නේ කියලා..? ඔවුන් ගියා නේද රනිල්ට මුක්කු ගහන්න...?
මේ ජාවාරම් කාරයින්ට ආයෙත් ඉඩදෙන්න එපා. මේ අයට 5 හොඳටම ඇති... ත්‍රිවීල් වල මිනිස්සු යන්නේ දැන් හරිම අඩුවෙන්. මම ඇස් දෙකට දැක්කා. ඉන්ධන පෝලිමේ ඉන්නකොටම තෙල්බට දාලා ඒවා අයින් කරන අයව...
මොවුන්ටත් අපි වගේ කාර්වල යන්න කියන්න.
ඒකාලෙ මේ අයගෙ ගණං.. වෙන වාහනයක් අරං පෝලිමට යන්න බෑ.. හංදිවල ඉන්න මේ කුම්භාණ්ඩ සෙවලයින් ටික ඔවුන්ගේ නූගත් හන්දිවල ලගින අනිත් අයටත් එක්ක පෝලිම් පැනලා තෙල් අදිනවා. හොඳ වැඩේ... 5 නෙමෙ 2 කරන්න ඕන ලීටර් සතියට...
රෝද තුනේ ජාවාරම් කාරයෝ.. කළකම් පලදේ.. අපි සැනසිල්ලේ පෙට්‍රල් ටික ගහගන්නේ QR නිසා...!
තක්කඩි ඉල්ලන්නේ වැඩිපුර ඉන්ධන පොඩි ෂෙඩ් දාගෙන ලොකු ගණන්වලට විකුණන්න. රජය මේ කිසිවක් සත පහකට ගණන් නොගත යුතුයි. නොදිව්වොත් පාඩුව තමන්ට...
ඉන්ධන නැතිවෙලාවෙ මෙයාලගෙ රජකාරිය වුනේ ලබාගත් තෙල්ටික ඇදලා නැවත නැවතත් පෝලිමට ගොස් ඉන්ධන පුරවා ගැනීමයි. අදින තෙල් ලීටරයක් හොරට රු 2000 ටවිකුනලා හයර් දිවීම පැත්තක තියල මේ ජාවාරමට ලෑස්තිවුනා. මොන දෙයින් වුනත් අයුතු ප්‍රයෝජන ගත්තම මේවගෙ අකරතැබ්බවලට මූන දෙන්න වෙනවා. දැන් ඉතින් කෑගහල වැඩක් වෙයිද?
තමුන්නැහැලාට හොද ප්‍රතිචාර ලැබෙනව.
හොර යක්කු..!
ත්‍රිවීල් වලට ලීටර් 5 හොඳටම ප්‍රමාණවත්... ඔය ජාවාරම් කරපු අය තමයි. දැනුත් එහෙමයි. සමහරු කිලෝමීටර් 1ක් යන්න 250/= ක් ගන්නවා...!
ආයිත් ජාවාරම පටන් ගන්න යන්නේ... බලධාරීන් අහුවෙන්න එපා. QR එක සුපිරියි.
ත්‍රීවිල් අපතයින්ට ලීසීං දෙන එකත් නතර කරන්න ඕනි.. ත්‍රීවිල් ජාවාරම්කාරයින්ව වෙන රස්සාවකට පුරුදු කරවන්න ඕනෑ...