
(යොහාන් භාසුර)
පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව පිට පිටම දෙවැනි දිනටත් අද (24) පෙරවරුවේ මාර්ග අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධය දැක්වූහ.
පංචිකාවත්ත ඉන්ධන පිරවුම්හලට දින කීපයකින් ඉන්ධන නොලැබීම නිසා ජනතාව දින කීපයක් පෝලිමේ රැදී සිටින අතර ඉන්ධන නොමැතිවීමෙන් කෝපයට පත්ව සිටින ජනතාව පස්වරුව දක්වා මාර්ගය වසා විරෝධතාව දැක්වූහ.
පංචිකාවත්ත ජනතාව ඊයේ (23) පෙරවරුවේ ද මාර්ගය හරස් කර ඉන්ධන ඉල්ලා විරෝධතාව දැක්වීමෙන් වාහන තදබදයක් ද ඇතිවිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd