(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය 100 කණුව අයි ඕසී ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ තදබදයක් සහ ගැටුමක් අතරතුර ආරක්‍ෂාවට සිටි යුද හමුදා සෙබළකුගේ අත කිසියම් පුද්ගලයකු තියුණු ආයුදයකින් පහරදී කැපුම් තුවාලයක් සහිත ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.
මෙම ඉන්ධන පිරවුම්හලට එදින පෙරවරුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් බවුසරයක් පැමිණ ඇති බව පොලීසිය කීවේය.
පෝලිමේ තිබූ වාහනවලට ඉන්ධන ලබාදී ඇති අතර සවස තුනට පමණ ඉන්ධන අවසන්වී ඇති බව සඳහන් යැයි ද පොලීසිය පැවසුවේ අවස්ථාවේ ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පෝලිමේ සිටි පිරිස එකවරම ඉන්ධන පිරවුම්හල වෙත කඩාවැදී ඇත. එහිදී ආරක්‍ෂාවට සිටි යුදහමුදා සෙබලූන් කඩාවැදුණු පිරිසට මැදිවී ඇත.
ඒ අවස්ථාවේ යුදහමුදා සෙබළාගේ අත කැපී ඇති බවද පොලීසිය සඳහන් කරයි. එම සෙබළා ඇඹිලිපිටිය කදුරුගස්ආර යුද හමුදා කඳවුරට අනුයුක්තව සිටි සෙබළකු බව ද පොලීසිය සඳහන් කළේය. සෙනග අතර සිටි පුද්ගලයකු තමන්ගේ අත කැපූ බව සෙබළා රෝහලේ දී පොලිසියට පවසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නිරායුධ තරුණයාට පයින් ගහපු නිලඇඳුම් දාගත්තු කෙනා ගැනත් දාන්න ඕනේ...
මෝඩ පාලකයන්ගේ... අවනීතිය, හොරකම, අදක්ෂකම, දීන බව.... ආරක්ෂා කරන්න එපා.. එතකොට වෙන්නේ මේවා තමයි.!
ඇයි මේක විතරක් දාල තියෙන්නෙ. අර නිරායුද තරුනයට පයින් ගහන එකත් දාන්න. මේකත් අනිවාර්යෙන් ඒවගේ එකක් වෙන්න ඕනෙ.
මේ වාර්තාව ලියපු අයගැන බැලුවම ඔවුන්ට ඉන්ධන හිගයක් නැහැ කියලා පේනවා මොකද කොළඹගෙආරට අජිත් ලාල් පදිංචි රත්නපුර සිට කි.මී පනහක් පමණ තිබෙන නිසා. අනෙක් වාර්තාකරු ඉන්න දාපනේටත් එපමණ දුරක් ඇති . ඇයි මේ දෙන්නෙක් වාර්තාව ලියන්න මෙහෙම ඉන්ධන නාස්ති කරන්නෙ
වගකියයුතු ඇමතිගෙ අත කපන්ඩ ඔනෙ
පාලකයින්ව රකින තඩි මුර බල්ලෙක් තරුණයෙකුට පයින් පහරක් එල්ල කරනවා මම දැක්කා. අන්න ඒ සුනඛයාගේ නින්දිත ක්‍රියාව මේ රටේ සමස්ත ජනතාව හෙලා දැකිය යුතුයි. තිරිසනෙක් වුණත් සමාජයට, රටට හෝ හමුදාවට අපකීර්තියක් ගෙන දෙනවා නම් ඒ සත්වයාව එතැනින් ඉවත්කළ යුතුයි. බලමු, නීතිය ක්‍රියාත්මක වෙන හැටි? ප්‍රෞඩ ජාතියට, බල්ලන්ගෙනුත් පා පහරවල් කන්න වෙලා දැන්...?
හමුදා නිලදාරියට ප්‍රනාමය, සමහර උන්ට ඉවසීම කියල දෙන්න ඔන, තේරෙනරෙනසාවෙන්, ඔකුන් තමයි සේරම අවුල් කරන්නෙ, අපි හැමොටම පීඩනය තියනව.
බෞද්ධ රටක එන්න අපි ආගමට අනුව ඉන්නවා නම් මේ දේවල් වෙන්නේ... දැන් මිනිසත්කම නැහැ...