(යොහාන් භාසුර)
බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති යැයි කී ජයවර්ධන මහතා ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30 ත් 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද සඳහන් කළේය.
බිත්තරයක මිල මේ වෙන විට රුපියල් 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම කලු කඩ මිල පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බිත්තරේ රු.100ට ගන්න එකයි ඉන්දියාවේ බිත්තරේ රු.20ට ගන්න එකයි සමානයි කියලා නොතේරෙන එකනේ පුදුමේ. ඉන්දියන් බිත්තරේට ගෙවන්න ඕන ඩොලර් වලින් කියලා දන්නේ නැද්ද? බිත්තර අත්‍යාවශ්‍ය දෙයක්ද?
ඔබතුමාට වෙන කළයුතූ හොඳ දෙයක් ගැන හිතෙන්නේම නැතිද...?
කාබනික ගොවිතැන ගිය දුරක්... බඩ ඉරිඟු නැතිවුණා. කුකුළු කෑම ගණන් ගියා. ෆාම් ටික වැහුණා. බිත්තර ගණන් ගියා. මිල පාලනය දැම්මා. ඉතිරි ෆාම් ටිකත් වැහුණා. ඉල්ලුමට සරිලන බිත්තර නෑ. දැන් බිත්තර රටින් ගේන්න දත කට මදිනවා...
හැමෝම අසීමත ලෙස ලාබ ලබන්න යන ඒකෙ ප්‍රතිඵලයක් මේක. බිත්තර පිටරටින් ගෙන්වන්න.
අවාසිය බිත්තරේ මේ රටේ හදන ඒකයි. අපේ රට වැටුනේ මේ වගේ අදහස් තියන අය තිරණ ගන්න තැන්වල ඉන්න හින්දා.
ඉතින් ගෙන්නගන්නකො කිය කියා ඉන්නේ නැතිව.