ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 22 සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
‘‘කවුරුවත් බඩගින්නේ මැරෙන්න ඕනෑ නැහැ. කවුරුවත් අතේ සල්ලි නැතුව ඉන්න ඕනෑ නෑ’’ යැයි ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් ප්‍රකාශ කළාය.
මෙම සහන පැකේජය යටතේ නොමිලේ ආහාර ගැනීමට මුදල් හුවමාරු සහ ගනුදෙනු සඳහා පහසුකම් සැපයේ. ‘‘මෙයින් සහන සැලසෙන්නේ කඩිනමින් උදවු උපකාර අත්‍යවශ්‍ය අයට පමණක්’’ යැයි ද ඇය කීවාය.
සෞඛ්‍ය සේවකයන්ට ඇමෙරිකානු ඩොලර් 66,500ක වෛද්‍ය රක්ෂණාවරණයක් පිරිනමන බව ද ඉන්දීය මුදල් අමාත්‍යවාරිය පැවැසුවාය.
මෙම මුදල ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් යැයි ද මීට සමාන සහන පැකේජ නිවේදනය කළ ඇමෙරිකාව සහ සිංගප්පූරුව එම සහන පැකේජ සඳහා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද වාර්තාකරුවෝ පෙන්වාදෙති.
කෙසේ නමුත් මෙය පළමු පියවර වනු ඇතැයි ද ඉන්දීය රජය ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඔවුහු වාර්තා කළහ.
බී.බී.සී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය , ණය , ණය..... අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල...., ලංකාවට .
ඉන්දියාවේ වියදම් වලට අපි මොකටද ගෙවන්නේ .
ජගත්, කොහෙද මන්දා ඹලූව ගහ ගෙන.
ජගත් මහත්මය අදහස් ප්‍රකශ කරන්න ඉස්සෙල්ල ප්‍රවෘතිය හොදින් කියවන්න.
ජගත් කමෙන්ට් එකක් දමන්න ඉස්සරවෙලා ඒක හොදින් කියවල බලන්න , මේ පුවතේ තිබෙන්නේ ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 22 ණයට දෙනවා කියලා නොව , ඉන්දියානු රජය ඩොලර් බිලියන 22 ක සහන පැකේජයක් එරටේ ජනතාවට දෙනවා කියලා.
පොලුවලින් මිනිස්සුන්ට ගහන නරුමයන් ඉන්න රටක්. සහන දෙනවා කියලා ඒ මිනිස්සු තව අන්දමින් ඉන්න මෝඩ පාලකයෝ..