
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
එම එන්නත් කුප්පි 50,000 ක ප්‍රමාණය මෙරට රෝහල්වල මතුව ඇති ෆියුරොසිමයිඩ් හිඟය අවම කර ගැනීමට උපාකාරී වනු ඇතැයි ඉන්දියානු මහා කොමාසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති උත්සවයකදී එම එන්නත් කුප්පි තොගය ඉන්දියානු මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙනු ලැබුවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය දේදුනු ඩයස් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට ස්තුතියි, ඔවුන් හැමදාමත් අපට උදවු කළා.