(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව කී ජනාධිපතිවරයා දීපාවලි යනු එම සමානතා පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් බවත් දීපවාලී මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය (Colombo Expats Cultural Association)කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමිනි.
දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව සඳහන් කළ ජනාධිපතවරයා එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව සහ ලංකාව එකම කාසියක දෙපැත්ත
tikira Sunday, 30 October 2022 09:36 PM
මේකව ඉන්දියාව පැත්තට හරවලා දෙන්නයි තියෙන්නේ පස්සට පයින් එකක්.
Perera Monday, 31 October 2022 05:12 AM
ආර්ථික වශයෙන් නම් අහසයි පොළොවයි වගේ.
චතුරි Monday, 31 October 2022 05:38 AM
එකම කාසියෙ දෙපැත්ත වගෙ පෙනුනෙ ගොඩාක් ඉස්සර. අපේ රට කොයිතරම් ඉදිරියෙන්ද ඒ දවස් වල හිටියෙ. ඉන්දියන් සාගරයෙ මුතු ඇටය. දැන් හාල් ඇටයක් නැති තරමට රට බන්කොලොත්. ඒත් පාලකයින්ට ගානක් නැහැ රට විනාස මුකයට ඇදලා දාපු උන් පොලිසිය පිරිවරගෙන කිසිම දෙයක් නොවුන විදියට ඉන්නවා. රට වැසියා කෑගහනවා බඩු මිල වැඩියි කන්න නැහැ බෙහෙත් නැහැ කියලා. නඩේ එකතුවෙලා. උන්ගෙ රක්ශනයයි. උසස්විම් ගන්නයි කතා කරන්නෙ. නමුත් ඉන්දියාවෙ මෙහෙම වෙන්නෙ නැහැ. උගන්ඩාවයි සොමලියාවයි එක්ක හොඳට ගැලපෙනවා අපේ රට. ඒ රටෙත් ඉන්නෙ මේ වගෙ නරුම පාලකයින්. දුප්පතාගෙ දේ හොරා කන උන්. රට කුඩු. මත් ද්‍ර්ව්‍ය වලින් පිරිලා පොලිසිය. රටවිනාස කරපු අයියා මලෝ අරාක්ශා කරනවා. එක හොරෙක්ට පොලිස් බටයෝ 250. මොන රෙද්දකටද. ඔය තරම් බයනම් දිවි නහ ගත්තානම් ඉවරයි.
ranjith Monday, 31 October 2022 06:43 AM
ඉන්දියාව දියුණු වෙලා අපේ රට බංකොළොත් වෙලා. දැන් කාසි හොයනවා.
Dalas Monday, 31 October 2022 07:48 AM
කට ඇරියොත් බොරු බේගල්.
sena Monday, 31 October 2022 10:27 AM
මේ මනුස්සයාට පිස්සුද මන්දා... ඉන්දියාව කියන්නේ ලෝකයේ දියුණු රටක්. ලොකු ආර්ථිකයක් තියෙනවා. අපේ රට මොකක්ද? 2500ක ඉතිහාසයේ ගැන කිය කිය ලෝකෙන්ම හිඟාකන හිඟන්නෙක්...
sharm warn Monday, 31 October 2022 12:52 PM
මේ අය එක එක බයිලා කියලා හිත හදාගන්නවා. ඔව්, අපි දෙගොල්ලෝ කාසියේ දෙපැත්ත. ඉන්දියාව නෝනා.. අපි පොල්ල...!