(යොහාන් භාසුර)

ඉන්දීය ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලබාගැනීමට අද (4) සමත් වූහ.

පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති පළමු වටයේ පස්වැනි තරගයේදී (දිවා/රාත්‍රී) ඉන්දියානු පිල කඩුලු 10 කින් (ඩක්වත් සහ ලුවිස් න්‍යායට) නේපාලය පරාජය කිරීමට සමත් විය.

ඉන්දීය පිල ලකුණු 145 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 20.1 කදී කිසිවකු දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිමේ තුන්වැනි ඕවරයේදී වාර්ෂා ඇදහැළීම නිසා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය පිල ඕවර 23 කදී ලකුණු 145 ක ඉලක්කයක් ලැබුණි.

නේපාල පිල ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 230 (කුෂාල් භූටෙල් 38, අසීෆ් ශීක් 58, ගුල්සාන් ජා 23, දීපෙන්ද්‍ර සිං 29, සොම්පාල් කැමී 48, මොහොමඩ් සිරාජ් 61/3, රවීන්ද්‍ර ජඩේජා 40/3) ඉන්දීය පිල ඕවර 20.1 කදී කිසිවකු නොදැවී 147 (රෝහිත් ශර්මා නොදැවී 74, ෂුබ්මන් ගිල් නොදැවී 67)