( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 දෙනෙකු හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින ළමුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 දරණ ගුවන් යානය මගින් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මීට අමතරව එළැඹෙන (24) දින UL 194 ගුවන් යානය කොයිම්බතුර් සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද , UL 1425 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.
එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ පළමු කණ්ඩායම ඊයේ (21) සවස දිවයිනට පැමිණියහ. ඒ අනුව පාකිස්ථානයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු දිවයිනට පැමිණියහ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධිකරනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය
මෙලෙස පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද හෙතෙම පැවසීය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දියාවේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 102 ක් හෙට ශ්‍රී ලංකාවට
කමලාවතී සහ පිරිස Wednesday, 22 April 2020 01:21 PM
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ශ්‍රී ලංකාවට ගෙන එම ඉතාම හොදය. නමුත් රුපියල් කොටිගනනින් ලංකාවට විදේශ විනිමය ගෙන එන්නාවූ අප මේ වනවිට රැකියාවල් නොමැතිව අසරණව සිටි. පසුගිය ජනාධිපතිවරණයේදී මැදපෙරදිග අප දහස් ගණනින් ලංකාවට පැමිණ ගෝඨාභය මහත්තයට චන්දය ලබාදුනි. මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්නේ කවදාද? අතේ සතේ නැතිව ලංකාවට එන අපට ගුවන් තොටුපලේදි රුපියල් 5000ක දීමනාව ලබා දීමට සලස්වන්නේ නම් මහගු පිනකි.
Anton AustriaWednesday, 22 April 2020 03:42 PM
මා දකින්නේ මේ විදිහට දැන් මේ තත්වයේ ලංකාවට මෙයාලා ගියොත් ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙනවා... ඒක තේරුම් ගන්න අඩුම තරමේ මේකට අදහස් දක්වන අයටවත් තේරෙන්නේ නැති එක තමා ප‍්‍රශ්නෙ. එයාලා එහෙම කිවාට ලංකාවේ දැන් පාලනයක් කරන් යන්නේ ඇයි දැන් ද මතක් වුණේ ලංකාවේ යන්න ඕනේ ජනාධිපති තුමාව ඔක්කොම ඔබලා හරි ආත්මාර්ථකාමී කරුණාකරලා හිතන්න ඔබේ පවුල් වලට රටේ අනිත් අයට වෙන පස්නෙ නියමාකාර ව ඔබව ගෙන්වා ගනියි එතකන් ඉවසන්න. මෙහෙම වුණාම අපේ ඉන්න රටම වැටෙන්නේ . අනික ලංකාවේ මෙහෙම තත්ත්වය නිසා ඔබ දැන් යන්න දඟලන්නේ එහෙත් ලංකාවේත් කොරෝනා රජ කරනවා නම් ඔබලා ඔයා නීති විරුද්දම හිටියා වගේම ඉන්නවා එකයි ඇත්ත. මම ඉන්නේ රට මගේ ජිවිතේ දෙක ඒක මගේ පවුල හා රට. තේරුම් ගන්න . ඔබට වඩා අපි මෙහෙ ඉන්නේ මරණයක් ජීවිතයක් අතරේ...
kanthi - kuweit Wednesday, 22 April 2020 06:06 PM
අපිට ඔබව අහුවුනොත් කලිසම ඔලුවේ ඔතනවා...
samithWednesday, 22 April 2020 04:16 PM
කෝටි ගණන් එව්වනම් රුපියල් වලින් ඒවා ඔයාලා ලග ඇතිනේ. බොරු කියන්න තව ටිකක් හොදට ඉගෙන ගන්න.මට පේන්නේ ජෝකර් දැන්ම වැඩ පටන් අරන් වගේ.
Raveendra Wednesday, 22 April 2020 02:18 PM
හාදයට බර වියදම් වගේ... මේ... අඩබෙර ගහන්නේ නැතිව නිශ්ශබ්දව තමන්ගේ වගකීම්, යුතුකම් කරන්නකෝ රගන්නේ නැතිව...
Thushara Sampath Edirisinghe Wednesday, 22 April 2020 02:27 PM
රුපියල් කෝටි ගණනින් ලංකාවට විදේශ විනිමය ගෙන එන්නාවූ මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්නේ කවදාද?
win win Wednesday, 22 April 2020 02:54 PM
අයියා දිනුවොත් මල්ලි දිනුම් ... මල්ලි දිනුවොත් අයියා දිනුම්... !!!
de silva Thursday, 23 April 2020 01:28 AM
එතකොට මැද පෙරදිග අතරමන් වෙලා ඉන්න ශ්‍රමිකයෝ ශ්‍රී ලාංකිකයෝ නොවේද ? ඔබලාට පිඩිත පන්තියේ කම්කරුවන් ගැන මතක් වෙන්නේ ඡන්දය කිට්ටු වෙනකොටද?
de silva Thursday, 23 April 2020 01:35 PM
මැදපෙරදිග අසරණ වෙලා ඉන්න අපේ දුප්පත් ශ්‍රමිකයෝ කාන්තාරේ මහා අවුවේ, වේලි දුක් විදිනකොට, සුපිරි පැලැන්තියේ ලොකු ලොක්කන්ගේ දරුවන් පමණක් මෙරටට ගෙන්වා ගන්න, ඔබලාට අපි ඡන්දෙදි උගන්වන්නම් හොඳ පාඩමක්. අපටත් ඕනේ ඡන්දයක්, හැමෝටම එක හැන්දෙන් බෙදන්න පුරුදු වෙන්න නැත්නම් 2015 උගන්වපු පාඩම මෙදාපාරත් අපිට අලුතෙන් කියාදෙන්න සිදුවෙනවා
de silva Friday, 24 April 2020 02:22 AM
ඔබතුමා ඇතුළු පාලකයෝ කල්පනා කරන්නේ මේ විදිහට " මැද පෙරදිග ඉන්න බුරුවෝ ටික එහෙම උන්නාවේ , කොරෝනා වසංගතේ ඉවර වුන දිනක ඒ අය පණපිටින් හිටියොත් උන් නැවත එහෙ ඉඳන් බර ඇදලා රියල් , ඩිනාර් වලින් හම්බු කරලා ලංකාවට එවාවි... වසංගතයෙන් පස්සේ අපට සැප කාර් ගන්න , අපේ ළමුන්ට පිටරට උගන්වන්න යවන්න රට සල්ලි කොහොමත් ඕනෙනේ කියලද ? දැන් ඒ ටික මෙහෙ ගෙනාවොත් ඔය එකකවත් කෙරෙන්නේ නැහැ.