(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
ණය පහසුකම මෙම වසරේ මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ අනුව ණය පහසුකම ලබන වසරේ මාර්තු මස දක්වා කාලය දීර්ඝ කිරීමක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබ තිබේ.
තවමත් මෙම ණය පහසුකමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ඒ සඳහා සාකච්ඡාවලින් අනතුරුව ලබන වසරේ මාර්තු දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට කල් ලබා දුන් බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාව ශ්‍රී ලංකාවට වසරක් කල් දෙයි
Samitha S. Aluthgamage Wednesday, 10 May 2023 08:16 AM
ජනාධිපති මන්දිරයක් හා ජනාධිපති කාර්යාලයක් අලුතෙන් ඉදිකිරිමේ සැලසුමක් ගැන පසුගියදා ප්‍රවෘත්ති මැවුණා.මේ බංකොලොත් වූ පුංචි රටට ගෙවීමට තිබෙන ණය කන්ද දිහා බලාගෙන මෙවන් නාස්තිකාර වියදම් කුමක් සඳහා කරන්නේදැයි සිතේ.
කල්පනා Wednesday, 10 May 2023 08:25 AM
දැන් ඔය අරගෙන තියෙන ණය ප්‍රමණය කොපමණද කියලා දැනගන්න තියෙනවා නම් හොදයි කොහොම වුනත් අරගලයෙන් පස්සෙ ණය හෝ පොලියක් ගෙවල නැහැ කියලා හිතෙනවා ඒත් තවතවත් ගත්තා කියලා තේරෙනවා එහෙම වුනාම අනාගතයේ යම්දිනක ණය ප්‍රමාණය රටට ඔරොත්තු නොදෙන තත්වයක් ඇතිවේවි එහෙම වුනොත් මොකද කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න නම් බැහැ
විසිල් Wednesday, 10 May 2023 09:08 AM
ගරු ජනාධිපතිතුමනි, මේ ණය ගෙවන්නේ ඔබේ පංතියේ අයද? අපේ පංතියේ අයද?
fairoos Wednesday, 10 May 2023 12:25 PM
ලබන අවුරුද්දේ අපි ගෙවයි... බලාගෙන ඉන්න...!