
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක කාලයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන මූල්‍ය පීඩනය අවම කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක එම්.සෙන්තිල්නාතන් මහතා ප්‍රකාශ කර ඇතැයි මින්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ඩොලර් බිලියන 7.1 ක් බවත් ඉන් ඩොලර් බිලියන 3 ක් චීනය ලබා දී ඇති බවත් ඩොලර් බිලියන 2.4 පැරිස් සමාජයේ රටවල් ලබා දී ඇති බවත් ඉන්දියාව ඩොලර් බිලියන 1.6 ක් බවත් එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඉන්දියාවට තම ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ හැකියාව පවතින බවත් එහිදී අවුරුදු 3 ත් 4 ත් කාලයක් තුළදී ලබා දිය යුතු ණය ලබාදීමට අවුරුදු 10 ත් 12 ත් අතර කාලයක් ගත විය හැකි බවත් සෙන්තිල්නාතන් මහතා පවසා ඇත.
එසේ දීර්ඝ කාලයක් ගත වුවහොත් ණය සඳහා ගෙවිය යුතු පොලිය නිසැක වශයෙන්ම පහල යනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාව මගින් කළමනාකරණය කරනු ලබන ජාතික අපනයන රක්ෂණයෙන් මේ වන විට ශ්‍රී ලංකාව, සැම්බියාව, සුරිනාම් සහ ඝානාව වැනි රටවල ආර්ථික අර්බුද හේතුවෙන් ණය පැහැර හැරීමට මුහුණ දුන් අපනයනකරුවන් රුපියල් කෝටි 4,500කට ආසන්න හිමිකම් ඉල්ලීම් ලැබී තිබෙන බව සෙන්තිල්නාතන් මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් සිදුවන්නේ ණය ගෙවීම මතු පරම්පරාවට බාරදීමයි...
ලංකාවේ ඉස්සර සමහරක් මිනිස්සු මත්පැන් චුට්ටක්, දුම්කොළ ටිකක් කන්න චුට්ටක් දුන්නොත් දිනපතා ඒ පස්සේ යනවා (හරියට උදාහරණයක් අරගෙන කිව්වොත් බල්ලෙකුට කන්න ටිකක් දුන්නා වගේම තමයි දීලා බලන්න එතකොට මම කිව්වේ මොකක්ද තේරේවි) අන්තිමේ තමන්ගේ ගේදොර නැතුව අනාථයෝ වෙනවා. මුලින්ම දුන්නු එකා වලව්කාරයෙක් වෙද්දී එයාගෙන් කාපු කෙනා අන්තිමේ හිඟන්නන් වෙනවා...
තාම හරියට සහනයක් ආවේ නෑ... ඉවසලා ඉන්න ලොකු ලොකු සහන ඉස්සරහට ඒවි...