(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව ලබන 31 වැනිදා තෙක් පනවා තිබූ ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.
මිල ඉහළ යාම පාලනය කිරීමටත් දේශීය වෙළඳපොලට ප්‍රමාණවත් වන පරිදි ලොකු ලූනු තොග තිබෙන බව සහතික කිරීමටත් ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.
පසුගිය දෙසැම්බර් මස 8 වැනිදා ඉන්දීය රජය ලොකු ලූනු අපනයන තහනම පැනවූ අතර මිත්‍ර රටවල් සඳහා ඒ ඒ රටවල් සඳහා ලබා ගන්නා විශේෂ අවසරය මත එම රටවල් සඳහා ලොකු ලූනු අපනයනය කිරීමට අවසර ලබා දුන්නේය.
තහනම පැනවූ කාලය තුළදී ඉන්දියාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 64400 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බංගලාදේශය වෙත අපනයනය කර තිබිණ.නමුත් මෙම තීරණය ඇතැම් රටවල වෙළඳපොලවල ලොකු ලූනු මිල ඉහළ යෑමට හේතු වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකු ළූණු වවන්න පුළුවන්ද කියලාවත් බලන්නේ නැහැ... වැව්වොත් අල යාන්තම්වත් වේලෙන තුරු නොසිට අලයි, කොළයි දෙකම විකුණන්න කලින්ම උදුරාගෙන විකුණන්න යනවා. ළූණු දවසෙන් දෙකෙන් කුණුවෙනවා. මම නම් කියන්නේ ඉන්දියාව ලංකාවට ළූණු අපනයනය සදහටම නවතනවා නම් ඉතාමත් හොඳයි කියලා. එතකොටවත් කෘෂිකර්ම ඇමැතිවරයා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු නිළධාරි රොත්ත බුරුත්තම එකතුවෙලා ලංකාවේ නිෂ්පාදනය කරන්න උත්සාහයක් ගනීවිනේ. මට දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ බොම්බයි ළූණු නොකියා ලංකා ලොකු ළූණු කියන්න කිව්වේ... ඒ කාලේ ලංකාවට ප්‍රමාණවත් ළූණු නිෂ්පාදනය කරපු නිසා තමයි. එහෙනම් දැන් පාලකයින්ට එහෙම කරන්න බැරි ඇයි?