IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාව , ලංකාව සහ රුසියාව සමග ඩොලර් බිලියන 9ක වෙළෙඳාමකට සැරසෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකකය භාවිතා කිරීමට පසුගිය මස ඉන්දීය මහ බැංකුව ඉඩ ලබා දුන්නේය . ඩොලර් මත යැපීමකින් තොරව රුසියාව සහ ශ්‍රී ලංකාව සමඟ ද්වි පාර්ශ්වික වෙළඳාම පහසු කිරීම සඳහා ගත් තීරණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් වෙළඳ කටයුතු සිදු කිරීමේදී විශාල වාසියක් අත්වන බව බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා පෙන්වා දුන්නේය. නමුත් ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ සිදුකරන වෙළඳ කටයුතු වල වටිනාකම වෙන් වෙන්ව ප්‍රකාශ නොකළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දියාව රුසියාව සමඟ පෙබරවාරි මස සිට ජූලි මස දක්වා කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක  ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කර ඇති බවත් එහිදී ප්‍රධාන වශයෙන් ආනයනය කර ඇත්තේ බොරතෙල් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (13)

ඉන්දියාව , ලංකාව සහ රුසියාව සමග ඩොලර් බිලියන 9ක වෙළෙඳාමකට සැරසෙයි

sharm warn Thursday, 04 August 2022 01:17 PM

දැන් අර සීයට දහයෙ මිනිහ හෝ ගාලා ගනන් බලනව අති.. මෙකෙන් ලාබෙ කීයද, ලැබෙන පංගුව කීයද කියල.

:       2       12

ganegoda Thursday, 04 August 2022 01:18 PM

බොරු ප්‍රචාර පතුරවමින් ජනතාව මුලාවෙ දානව !!!

:       11       24

gameing01 Thursday, 04 August 2022 01:21 PM

ඉන්දියාවයි රුසියාවයි එක්ක " චක්ගුඩු " ගහන්නයි යන්නෙ .. ඕන් බලාගනිල්ලා !!!

:       7       19

sena Thursday, 04 August 2022 01:22 PM

හුටා දැන් ඉන්දියන් රුපියලුත් හොයපල්ලාකො.

:       4       21

sirisena Thursday, 04 August 2022 01:29 PM

දිනපතාම ලෝක බොරුවක් !

:       10       19

සිල්වා Thursday, 04 August 2022 01:41 PM

ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට වෙර දරයි. එය සිදු වන්නේ නම් ලංකාවේ ආර්ථිකය ඉන්දියාව සතු විය හැකිය.

:       10       31

sharm warn Thursday, 04 August 2022 01:51 PM

කෝ අර සමනල වන්දනාවෙ යෙදෙන දුග්ගන්නරාලල? එන්නකො මෙකටත් තුන පහ දාන්න...ඔයාලගෙ කාලකන්නි අදහස් නැතුව හරි අඩුයි වගෙ..

:       4       16

kamal Thursday, 04 August 2022 01:56 PM

ලංකාවට ඩොලර් හොයලා දෙන්න ඉන්දියාවටයි රුසියාවටයි ඇති කැක්කුම මොකක්ද? මේකෙන් ආයෙත් වතාවක් අමුඩ කොටෙත් තවත් වතාවක් උගස් තියන්න වෙනවා සිකුරුයි.

:       6       20

Prabha Thursday, 04 August 2022 02:15 PM

ඉන්දියාව රුසියාවෙන් ආණ්ඩුවට අරන් ලංකාවට වැඩි මිලට විකුණයි...

:       0       0

kalatibuwa Thursday, 04 August 2022 03:27 PM

අර ජර්මනියෙ තිබුන " වොක්ස්වැගන් ( VW ) කොම්පනියත් ලංකාවට ගෙනාවොත් ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයමනෙ !

:       1       17

Vijitha Thursday, 04 August 2022 03:43 PM

නේපාලය වෙනම රටක්. නමුත් භාවිතා කරන්නේ ඉන්දියන් රුපියල්.. ඒ කියන්නේ ඉන්දියාවේ නොනිල ප්‍රාන්තයක්. ලංකාවේ රුපියල බාල්දු නිසා ඉන්දියාවේ රුපියල ගේන්න හදන්නේ. ලංකාවේ අය කැමති වෙයි එක පයින්. ඉන්දියන් රුපියල් බාල්දු නෑ ඩොලර් ලග. නමුත් ලංකාව ඉන්දියන් රුපියල් භාවිතා කරන්න ගිහාම ලංකාව ඉන්දියන් ප්‍රාන්තයක් වීම වලක්වන්න බැහැ. ඉන්දියාව ඒකට තමයි පහුගිය දවස්වල උදව් කලේ බංකොලොත් ලංකාවට

:       0       0

sjeewar Thursday, 04 August 2022 05:41 PM

ඍජුවම රුසියාවෙන් තෙල්, ගෑස්, ධාන්‍ය ගන්න ක්‍රම ඉක්මනට සොයා බලන්න.

:       0       7

chandima Thursday, 04 August 2022 07:36 PM

අපිට ඉන්දීයානු රුපියල්වලින් ණයක් දීලා එගොල්ලො රුසියාවෙන් ලාභෙට තෙල් අරන් අපිට විකුණන්නද යන්නේ? ටිකිරි මොළේ. තවත් මුක්කු නොගහ චීනටවත් ගිහින් බැලුවනම් මොකද මේ වේලාවේ යුරෝපා රටවල් ඉන්දියාව තරහ කරගන්නෙ නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site