IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්දියාව ලංකාව ගැන කතා කරන්න සර්ව පාක්ෂික හමුවක්

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාර ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ති‌බේ.

තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩී.එම්.කේ. සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ යන පක්ෂවල ඉල්ලීම සලකා බලමින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මෙම පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් යන මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත අතර ඔවුන් මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සියලු පක්ෂ දැනුවත් කරනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්නැයි තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ද්‍රඩිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ.) පක්ෂය සහ ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය මේ අතරවාරයේ දී මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සැලකිල්ලට ගනිමින් එම පක්ෂ දෙක අදාළ ඉල්ලීම කර තිබිණි. 

055



අදහස් (1)

ඉන්දියාව ලංකාව ගැන කතා කරන්න සර්ව පාක්ෂික හමුවක්

Maha zen Monday, 18 July 2022 03:56 PM

අලුත් ප්‍රාන්තෙනේ...!

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 546 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site