ශ්රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇත.
ඉන්දීය පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාර ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩී.එම්.කේ. සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ යන පක්ෂවල ඉල්ලීම සලකා බලමින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මෙම පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වේ.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් යන මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත අතර ඔවුන් මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සියලු පක්ෂ දැනුවත් කරනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්නැයි තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ද්‍රඩිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ.) පක්ෂය සහ ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය මේ අතරවාරයේ දී මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සැලකිල්ලට ගනිමින් එම පක්ෂ දෙක අදාළ ඉල්ලීම කර තිබිණි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ප්‍රාන්තෙනේ...!