ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ බටහිර අහමබාද් නගරයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇතිවූ ගින්නකින් කොරෝනා ආසාදිතයන් 8දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
මියගිය අය අතර පිරිමින් 5දෙනෙක් හා කාන්තාවෝ තිදෙනෙක් සිටිති.
ගිනි නිවීමේ අංශ පවසන්නේ දුම හා අධික තාපය හේතුවෙන් මොවුන් මියගොස් ඇති බවයි.
සිදුවීමෙන් පසු කෝපයට පත් ඥාතීන් විරෝධය පළ කළ බවත් පොලිසිය ඔවුන්ට රෝහලට ඇතුළුවීමට ඉඩ නොදුන් බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ඛේදජනක සිද්ධියෙන් තමා කම්පාවට පත්ව සිටින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
ඉන්දියාවේ මේවනවිට වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.96ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 40,282ක් සිදුව තිබේ. පසුගිය පැය 24 තුළ පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 56,282ක් වාර්තා විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඉන්දියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයෝ 8ක් මරුට