
ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පුරසාරම් දොඩා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, දේශපාලන වේදිකාවේ පුරසාරම් දොඩන සහ අතිශෝක්තියෙන් කතා කරන චරිතයක් බවත් ද පෙන්වා දෙමින්, ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් යනු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාය.
‘දෙවියන් වහන්සේ සැමවිටම පාකිස්තානය සමඟ ඉන්නවා. අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. පාකිස්තානයේ පවතින තත්ත්වය අපි වෙනස් කරනවා. ඉන්දියාව පරාජය කරන්න අපට හැකිවෙනවා’ යැයි අග්‍රාමාත්‍ය ෂරීෆ් කෑ කෝ ගසා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති ජන රැළියක් අමතමිනි.
පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින අතර, අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ණය ආධාර ලැබෙයි. පාකිස්තාන වැසියන් ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේය. පාකිස්තාන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවට ද අග්‍රාමාත්‍ය ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ ජන රැළිය අමතමින් කෑ කෝ ගැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පාකිස්තානය ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ රජය චෝදනා කරයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි
ජිල්බු Tuesday, 25 February 2025 10:19 AM
මේ වගේ ඒව කියන්න ගත්තොත් සජිත්ට තර්ජනයක් එනවා මෙයාගෙන්. වහාම ආරක්ෂාව මහත් කරමු.
ගුණරත්න Tuesday, 25 February 2025 11:50 AM
ලෝකේ ලොකුම තෙල් නිධියක් පාකිස්තානයේ මුහුදෙන් හොයාගෙන තියෙනවා, ඕකෙන් ගන්න සල්ලි වලින් ඒ රට පොහොසත් කරන එක අමාරු වැඩක් නෙවෙයි, මට හිතෙන්නේ තව අවුරුදු 10කින් විතර සිංහලු එහෙ ගෘහ සේවයට යාවි කියල.
රනේTuesday, 25 February 2025 01:27 PM
ඒ වෙනකොට වටින්නෙ තෙල් නොවේ ගුණේ, වතුර..
දොන් සේතන් Tuesday, 25 February 2025 12:15 PM
ඉන්දියාව පරද්දන්න පුළුවන් උනත් ලංකාව නම් පරද්දන්න බැහැ . මේක ආසියාවේ ආශ්චර්ය
KesaraTuesday, 25 February 2025 04:52 PM
ආසියාවේ ආශ්චර්ය ඉවර වෙලා ගොඩක් කල්. දැන් තියෙන්නේ පොහොසත් රටක්(කටින්) ලස්සන ජීවිතයක්(කටින්).