(විමුක්ති එස් රුද්‍රිගු)
තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් 'අදාළ පාර්ශ්ව' වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊයේ(29) ප්‍රකාශ කළේය.
ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවට නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර ලෙස චීනය මෙම ප්‍රකාශය සිදු කළේය.
ආසියාවේ සිට යුරෝපයට ගමන් කිරීමට යොදා ගන්නා ප්‍රධාන නැව් මාර්ගය ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරාය චීනය හමුදා කඳවුරක් ලෙස යොදා ගනීවි යැයි ඉන්දියාව කණස්සල්ලෙන් පසුවන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටෙන් එහාපැත්තෙ තිබුනු පලියට ඉන්දියාව හිතන්නෙ අල්ලපු ඉඩමෙත් ඉරපායන්න ඔන එයාලට ඔනෙ විදියට කියල.