
(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් සතොස වෙළෙදසල්වලින් අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙහිදී පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් නිකුත් කරන බව කී එම නිලධාරියා සහල් තොග රැස්කර වැඩි මිලට විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස එසේ සීමාකර නිකුත් කරන බව ද සඳහන් කළේය.
මෙම සහල් තොගයෙන් සමූපකාර හරහා ද ජනතාවට සහල් සැපයීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕවා කාබනික පෝර දාලා හදපුවද?
පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන අයටයි කියන්නේ කුඹුරු වගාව නවතා දින තුනකට වරක් නිවාඩු ගතහැකි (හාල් ගැනීමට දිනක් පෝලිමේ සිටීමට) රැකියාවක් සොයාගෙන අඩුමිලට ඉන්දියන් රට හාල් කාපල්ලා. ඉන්දියාවත් ගොඩක් සතුටු වේවි...
නුඹලගේ කිලෝ 3 කොහෙහරි ගහගනිල්ලා...
කාබනික නාඩු. කාපුවාම කාබනික වෙනවාලු...
රටින් ගේන්න වෙන්නේ වීසා නිසා නේද... අපේ රටේ හදන්න ඕනි..? කාබනික විදිහට නිෂ්පාදනය කළොත් සහල් වැඩි මිලකට අලෙවි කරන්නත් හැකියාව තියෙනවා. විදේශ වෙළෙඳපොළත් ජයගන්න පුළුවන් නේද? ඒ පොඩි දේවත් නොතේරෙන්නේ ඇයි...?
70-77 කාලයේ වගේ හාල් පාලන මිලට නිකුත් කිරීම සඳහා ජනතාවට ළඟදීම හාල් පොත් ලැබෙන සංඥා දක්නට ඇත... විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ක්ෂණිකව ඉවත්වීම නිසා මෙම මහ කන්නයේ සිට විශාල ලෙස අස්වනු පහත වැටීම නිසා රටතුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇත...