IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය රුපියල් කෝටි 6300ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 22000 ක් පමණ) දළ වත්කමක් ඇති සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා මෙන්ම චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරනු ලබන නළුවාද වන බව ෆෝබ්ස් සඟරාව කළ ශ්‍රේණිගත කිරීමකින් හෙළි විය.

ඉන්දියාවේ වැඩිම ගෙවීමක් කරන නළුවන් 10 දෙනා පිළිබඳ ෆෝබ්ස් සඟරාව සිදුකළ මෙම ශ්‍රේණිගත කිරීමේදී ඉහත කරුණු අනාවරණය වී ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම අයි.එම්.ඩී.බී වෙබ් අඩවියේ දත්ත මත පදනම්වී ඇති අතර ශ්‍රේණිගත කිරීමට අනුව ෂාරුක් ඛාන් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 150 - 250 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 875ක් පමණ) අතර මුදලක් අයකරනු ලබයි. මෑතකදී තිරගතවූ ජවාන් සහ පතාන් චිත්‍රපට ලොව පුරා කෝටි 2000 කට වැඩි අදායමක් උපයා ගැනීමට සමත් වීමත් සමඟ බොලිවුඩයේ ඔහුගේ ආධිපත්‍ය තවත් තහවුරු වී ඇතැයි ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ධනවත්ම නළුවන් අතර දෙවැනි ස්ථානය සලමන් ඛාන් පසුවන අතර ඔහුගේ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 2900 කි (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10100 ක් පමණ) කි. නමුත් චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නළුවන් අතර ඔහු පසුවන්නේ සය වෙනි ස්ථානයේය. එක් චිත්‍රපටයක් සඳහා ඔහු අයකරන මුදල ඉන්දීය රුපියල් කෝටි 100 - 150 ත් අතර වන බව ෆෝබ්ස් සඟරාව පැවැසුවේය. සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ ටයිගර් 3 චිත්‍රපටය ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 466.63 ක ආදායමක් උපයා ගත්තේය.

ධනවත්ම නළුවන් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය අක්ෂේ කුමාර්ට හිමිවන අතර ඔහුගේ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 2500 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8750 ක් පමණ) කි. නමුත් ඔහු චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නළුවන් අතර පසුවන්නේ 9 වැනි ස්ථානයේය. ඔහු චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 60 -145 ත් අතර මුදලකි.

ඉන්දියාවේ ධනවත්ම නළුවන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සල්මන් ඛාන්ට සහ අක්ශේ කුමාර්ට හිමිවුණත් චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරනු ලබන නළුවන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් හිමිව ඇත්තේ රජිනිකාන්ත්ට සහ ජෝශප් විජේටය. රජිනිකාන්ත් එක් චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 150 - 210 ත් අතරවේ. තලපති විජේ එක් චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 130 - 200 ත් අතර වේ.



අදහස් (0)

ඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site