
(විමුක්ති එස් රුද්‍රිගු)
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ සිට පැමිණි දෙවැනි ආධාර තොගය අද (24) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් භාර දෙනු ලැබිණ.
මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට අධික බව පැවැසෙයි.
මෙම මෙට්‍රික් ටොන් 1500 ක මෙම ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 14,712 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 250 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 38 ක් ඇතුලත් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධාර ආධාර... රටේ දියුණුවට හෝ වැටී තියන ආර්ථිකය ගොඩගැනිමට පියවරක් සම්බන්ධව කිසිම දෙයක් නැහැ.
ඇඳුම් නැතිව වෙන්න ඇති තමිල්නාඩුවෙන් ආධාර ගන්න ගියේ...!
ආධාග ගන්න මිනිස්සු ඉන්නේ අධාර දීපු අය වගෙයි. අනේ ඇත්තට මේ අය රෙදි ඇඳගෙන මේවට යනවනේ..!
ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන ඡන්දෙ කළේ... දැන් කෙළ වෙලා ගියාම තමිල්නාඩුවෙන් එන ආධාර බාරගන්න යනවා.
නිහාල් සිල්වා කලාකරුවාගේ ‘‘ආනන්ද භවන්‘‘ ගීතය මතක් වෙනවා..
ටයි කෝට් දාලා හිඟමන් ගන්න යන්න එපා... රටට ලැජ්ජයි..!