නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් හැපීමෙනි.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හැපුණේ, කොල්කොටා සහ ඊසාන දිග ඇසැම් ප්‍රාන්තයේ සිල්චාර් නගරයේ සිට බටහිර බෙංගාලයේ කොල්කොටා නුවර දක්වා ධාවනය වෙමින් තිබුණු ‘කංචෙන්ජුංගා එක්ස්ප්‍රස්’ මගී දුම්රියයි.
දුම්රිය එකිනෙක හැපුණේ තේ වතුවලින් බහුල ඩාර්ජේලීං කඳුකරය ආසන්නයේය.
භාණ්ඩ දුම්රියේ හැපුණු මගී දුම්රියේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගිය බව ද පැවැසෙයි.
පෙරළී විසිවුණු දුම්රිය මැදිරි තුළ සිරවුණු මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බව බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනර්ජි මාධ්‍ය හමුවේ පවසා ඇත.
(සී.එන්.එන්.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවේ දුම්රිය අනතුරක්