එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
බෙදුම්වාදී අදහස් පතුරවමින් ආධාරක පදනම වැඩිකර ගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානයට සහාය ලබා දෙන්නන් උත්සාහ කිරීම හේතුවෙන් මෙලෙස තවත් අවුරුදු පහක් සඳහා එම සංවිධානයට ඉන්දියාව තුළ පනවා ඇති තහනම දීර්ඝ කිරීමට තීරණය ගත් බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට හානි වන ක්‍රියාකාරකම්වල එල්.ටි.ටී ඊ සාමාජිකයන් නිරත වන බව මධ්‍යම රජයේ මතය යැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
2009 වසරේදී ශ්‍රී ලංකා හමුදාව අතින් එල්ටීටීඊ සංවිධානය පරාජයට පත් වුවත් ඊලාම් සංකල්පය තවමත් අත්හැර නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් ත්‍රස්තවාදියාව මැරුවා වගේ උගේ මේ සංවිධානයත් ලොවෙන් තුරන් කල යුතුයි .