ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක හෝටල් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් හෙරිටන්ස් කණ්ඩලම (Heritance Kandalama) හෝටලයට ඉන්දියාවේ දිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරියෙහි ජෙෆ්රි බාවාගේ නිර්මාණ කලාව ආශ්‍රයෙන් පැවත්වෙන ගෘහ නිර්මාණ හා ඡායාරූපමය ප්‍රදර්ශනයේ වැදගත් තැනක් වෙන් කෙරී ඇත. මෙම ප්‍රදර්ශනය 'Geoffrey Bawa: It's Essential to Be There' යන තේමාව යටතේ පැවැත්වේ.
දිල්ලි නුවර පැවැත්වෙන ප්‍රදර්ශනය වසර 75 ක ඉන්දු ශ්‍රී ලංකා අන්තර් සබඳතා සංවත්සරය වෙනුවෙන් පැවත්වෙන අතර මැයි 07 වැනි දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණ හා සම්බන්ධ ලිපි 120 ක් ප්‍රදර්ශනය කෙරේ. මේ කිසිවක් මීට පෙර මහජන ප්‍රදර්ශනයක් සඳහා විවෘත කර නොතිබීම විශේෂත්වයකි.
මෙම ප්‍රදර්ශනය සඳහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය ප්‍රධාන අනුග්‍රාහකයෙක් වශයෙන් සහය දක්වන අතර ඒ අනුව එයිට්කන් ස්පෙන්ස් සමූහය විසින් අප්‍රේල් 07 වැනි දින ආරාධිත අමුත්තන් වෙනුවෙන් පමණක් විවෘත විශේෂ ඉසව්වක් සංවිධානය කර තිබුණි. එම ඉසව්ව සුවිශේෂී ඉන්දීය ඡායාරූප ශිල්පියෙක් වෙන දයානිටා සින්ග් සහ ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පියෙක් සහ ජෙෆ්රි බාවා මහතාගේ ශිෂ්‍යයෙක් වන චන්න දාස්වත්ත මහතා අතර සංවාදයක් ඇසුරෙන් පැවත්වුණි. මේ දෙදෙනාම බාවා මහතාගේ නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් ඇති අය වන අතර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණකරණය තුළ සුවිශේෂී ජෙෆ්රි බාවා සලකුණ පිළිබඳව ගැඹුරු සංවාදයක් ඔවුන් විසින් සිදු කළේය. දාස්වත්ත මහතා හෙරිටන්ස් කණ්ඩලම හෝටලය නිර්මාණය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර ලෝකයේ පළමු LEED සහතිකකරණය ලත් එමෙන්ම Green Globe සහතිකකරණය ලත් ආසියාවේ පළමු හෝටලය වන හෙරිටන්ස් කණ්ඩලම හෝටලය නිර්මාණය කළ ආකාරය සම්බන්ධව වැදගත් නිර්මාණ කරුණු රැසක් ඔහු විසින් සාකච්ඡාවට ගනු ලැබීය.
“අපට සිටි විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවාගේ නිර්මාණ ලෝකයට ගෙන යාම සඳහා බාවා පදනම සමඟ කටයුතු කිරීමට ලැබීම අපට විශාල ගෞරවයක්. සොබාදහම සහ නූතන සුඛෝපබෝගීත්වය ඒකාබද්ධ කරමින් නිර්මාණය කරන ලද හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර අතිවිශිෂ්ට නිර්මාණයක්. අපට ආවේණික සම්ප්‍රදායයන් සහ වටිනාකම් සංකේතීය වශයෙන් ආරක්ෂා කරගන්නා අතරම අලුත් ආකාරයට හිතමින් ලෝකයේ වර්තමාන අවශ්‍යතා සහ අනාගත අවශ්‍යතාද සපුරාලමින් කටයුතු කිරීමට අපේ නව පරපුරේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට මේ ප්‍රදර්ශනයෙන් පෙළඹවීමක් ඇති වේවි කියලා අපි හිතනවා” යැයි එයිට්කන් ස්පෙන්ස් සමූහයේ අධ්‍යක්ෂ, සංචරණය සහ විශ්‍රාන්තිය අංශයේ ප්‍රධානී, එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ අංශයේ සභාපතිනි ස්ටෂානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.
ප්‍රායෝගික තත්ත්වයන්ට යෝග්‍ය වන පරිදි සොබා සෞන්දර්ය සහ සංචාරකයින්ගේ රුචිය මනාව සම්මිශ්‍රණය කරන ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණයකරණය අනුව යමින් නිර්මාණය කර ඇති හෙරිටන්ස් කණ්ඩලම හෝටලය එය පිහිටා ඇති බෑවුම තුළින් මතුවන තටු විදහාගත් කුරුල්ලෙක්ගේ අත්තටු ආකාරයට නිර්මාණය කර ඇත. හෝටලය කිලෝමීටර් 1 ක දිගකින් සහ මහල් 7 කින් සමන්විත නමුත් එය අලංකාරව සහ ස්වභාවික ආකාරයට කඳු බෑවුම සමඟ යා වී ඇත. තවද හෝටලයට ආවේණික පැතලි වහළ, දැවමය කුළුණු සහ හෝටලය පුරා විසිරී ඇති තුරුලතා මෙන්ම ජෙෆ්රි බාවා මහතාටම අනන්‍ය වූ නිර්මාණයක් වන අභ්‍යන්තරයට හිරු එළිය ගෙන එන පුළුල් විවෘත ජනේල වැනි සුවිශේෂී අංගයන් ගණනාවක් නිසා හෙරිටන්ස් කණ්ඩලම හෝටලය අතිවිශිෂ්ට ආකාරයට සොබා දහම හා සවිමත්ව බද්ධ වී තිබේ.
දිල්ලි නුවර පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ වැදගත් තැනක් හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට හිමිවීම හරහා ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන්, ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන් හා වැදගත් කලා රසිකයින් ඇතුළු විශාල පිරිසක් තුළ ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පයේ සුවිශේෂී අනන්‍යතාව පිළිබඳව සාධනීය ප්‍රතිරූපයක් ගොඩනැංවීමට අවස්ථාව හිමි වී ඇත.
595
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දියාවේ ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට විශේෂ තැනක්