IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා මරණ 19 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට පුද්ගලයෝ 19 දෙනෙක් මරණයට පත්වී සිටිති.

වෛරසය ආසාදනය වී සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 873 කි.

වයිරසය ආසාධනය වූ පසු ප්‍රතිකාර ලබා සුවය ලැබූ සංඛ්‍යාව 79 කි.

මේ අතරින් වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මරණයට පත්වී ඇති අතර ආසාදිත රෝගීන් 180 දෙනෙකු වාර්තා වී තිබේ.

ආසාදිත රෝගීන් 173 ක් වශයෙන් දෙවැනියට වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන නමුත් එම ප්‍රාන්තයෙන් කිසිදු මරණයක් වාර්තා නොවේ.

රෝගීන් පනස්පස් දෙනෙකු ලෙස තුන්වැනියට වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව දෙකකි.

මීට අමතරව මරණ 3 ක් ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ආසාදිත රෝගීන් හතළිස් පස්දෙනෙකු එම ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ආසාදිත රෝගීන් තිස්දෙනෙකු වාර්තා වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මරණයට පත්වී තිබේ.

දිල්ලි, තමිල්නාඩු, පන්ජාබ්, බටහිර බෙංගාල, බිහාර් සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්තවලින් හා  ජම්මු හා කාෂ්මිර් ප්‍රදේශයෙන් එක් රෝගියා බැගින් මරණයට පත්වී ඇත. 
  
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි)

-226-
 
 



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මරණ 19 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 270 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site