(යොහාන් භාසුර)
ඉන්දියාවේ උත්සහය කඩිනමින් ශ්‍රී ලංකාව තුළ එරට දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පැතිරවීම බවත් එයට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ අද වන විට ගැතිකම් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ඉන්දියාවේ වුවමනාව මෙරට පත්ව සිටින තීව්‍ර ආර්ථික අර්බුදය යොදාගෙන එට්කා ගිවිසුම ද අත්සන් කරවාගෙන ශ්‍රී ලංකාව තුළ සිය දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පතුරුවාලීම බවත් ඊට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගැතිකම් කරන හෙයින් ඔවුන් ද මෙම සැබෑ අනතුර පෙන්වා නොදෙන බවත් ඒ මහතා කීය.
‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්ෂය ද අද නිහඬව සිටින්නේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකන් නිසා බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මේ කතාව නම් සත්‍යයක් . ඉන්දියාව කියන්නෙ මිනිසුන් බෝ කරලා කරලා ලෝකෙ හැම රටකටම පටවලා වාතයක් වෙලා තියෙන රටක්.
ඉත්තෑවෝ නලියනවා වගේ, NPP නායකයා ට ඉන්දියාවෙන් ලැබුන ආරාධනාවට එහෙ ගියාම.. මැක්කන්ට බල්ලෙක් හොයා ගන්න බැරිවුනාම ඔහොම තමයි..
වහාම ඉන්දියානු භාණ්ඩ හා සේවාවන් භාවිතයට ගැනීම අත්හල යුතුයි.
චී... මේ වගේ ගොන් කතා වටිනා පත්තරේක දාන්න වත් එපා.....
ඒත් මෙයා වහලා ඉන්න බල්ලා ඉන්දියාවේ නෙමෙයි මොන ලෝකේ ගියත් කමක් නෑ තමුන්ට හොරකම් කරගන්න පුළුවන් නම්
විමල්ට වැලේ වැල් නැතිව ඉන්න වෙලාවේ, මාලිමාව ආවොත්, කම්බි කූරු ගණන් කරන්න වෙනවා කියලා හිතෙනවා ඇති..?
ඉන්දියාව හිතන්න නැතුව ඇති අනුර කුමාර කියන්නේ මෙච්චර නිවට නියාලු ලේසියෙන් රවට්ටන්න පුළුවන් කෙනෙක් කියලා. ඒත් ඇමරිකානු තානාපතිනිය ඉස්සරහ දෙකට නැවුණු නැවිල්ලෙන් එයාලත් මොකක් හරි අදහසක් ගන්න ඇති. ඒ කෙසේවෙතත් මීට පස්සේ නම් අනුර කුමාර ඉන්දියානු ආයෝජකයින්ට බනින කන්දොස්කිරියාවෙන් බේරිලා ඉන්න පුළුවන්.
අනුර ඉන්දියාවේ ගියාට මොකද ඔක්කොමලා කලබල වෙලා. මෙයාලා විදිහට npp එකට තියෙන්නේ සියයට 3 නේ... ඒකෙන් කොහොමද ආණුඩු බලය ගන්නේ...!
මෙයා මොකටද මේ කුලප්පු වෙලා. මේ ගොල්ලන්ගේ හැබෑ ස්වභාවය එළියට එන්නේ මේ වගේ අවස්ථාවලදී. මෙයා කරන්නේ කොන්ත්‍රාත්කාරයාගේ භූමිකාවද, සැබෑ ඉරිසියාකාරයාගේ ජවනිකාවද?
තමුන් කවුද කියන එකත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මහින්දගේ සාටකේ එල්ලිලා ගොඩගිය හැටි, කියපු කරපු දේවල් දන්නෝ හොඳාකාරවම දන්නවා. ජනතාව ගොනාට අන්දවන්න හැදුවාට වැඩක් නැහැ...
මේකාගේ උත්සාහයත් ඕකම තමයි .කාගේ හරි ඇඟේ එල්ලිලා ආපහු ඇමතිකමක් අරන් හිතේ හැටියට මාටියා ගහන්න