(යොහාන් භාසුර)
පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක ඉන්දියාව එන්න කිව්වම ප්‍රිති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ‘සද් ජන රළ’ රැස්වීම් මාලාව ආරම්භ කරමින් පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී එසේ) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළත් අනුර කුමාර, ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ අකාරය දකින්න ලැබුණු බවත් ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී අහිමිකළ අතර සාම්පූර් බලාගාරය ඊට හොඳම නිදසුනක් බවත් නාමල් මහතා කීය.
ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිත් තිබෙන අතර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ මේ වන විට ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් කතා කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පසු මෙරටට එන ආයෝජනවලට එකගත්වය පළ කරනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඉන්දියා... ලෝකෙ තුන්වෙනි බල සේනාංකයලු නේද? යුද උපක්‍රම දන්නැතුව ද නැතිනම් බොරු වෙඩි පත්තු කරනවාද? විදින්නේ හාවාට වුණාට වඳින්නේ පඳුරටමනේ...
දේශපාලන අත දරුවෙක් වූ නාමල් බේබි හෙවත් පොඩි මයිනා දන්නේ අඬන්නයි, හිනාවෙන්නයි..., ප්‍රීති වෙන්නයි දුක් වෙන්නයි විතරයි. යම් දේශපාලන සංසිද්ධියක හෝ ක්‍රියාමාර්ගයක හරය ගැඹුරින් තේරුම් ගන්න බැරි මේ හාදයාව අඩුම තරමේ ජ.වි.පෙ. පන්ති පහටවත් යැව්වා නම් යමක් තේරුම් ගන්න තරම් අවබෝධයක් ලබාගනියි...!
කන්න ඕනෑ වූ විට කබරගොයිද තලගොයින් කර ගැනීමේ ඉහළ දස්කම් ඇති ජවිපෙහි මෙම නවතම වෙස් පෙරළිය දේශපාලනය දන්නා අයට අමුතු දේ නොවේ. ඊයේ අප දුටු අවන්ත ආටිගලගේ කාටුනය ජවිපෙහි එම අවස්ථාවාදී ස්වභාවයම හොඳින් පෙන්නුම් කර තිබිණි...!
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...
වහල් හැත්ත නුඹලාව විශ්වාස කළාට නුඹලා හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කළ කළ දේ ඵල ඵල දේ...
ඔබතුමාලා රනිල් විරෝධී ප්‍රතිපත්තියක් තියාගෙන ඉඳලා එතුමා ජනාධිපති කරලා දැන් අර ඇතිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නවා වගේ කියන්නේ .....ඒක ගැන මොකෝ කියන්නේ. ඉතිං අනුර එහේ ගියාම මොකෝ වෙන්නේ. දැන් ඔබතුමාලා කොහෙවත් යන්න සුදානම් වෙන්න එපා. ගෙදර ගිහින් අනුර ජනාධිපති වෙලා මේ රට ගොඩගන්න හැටි බලාගෙන ඉන්න. ආයේ මේ රටේ දේසපාලනය කරන්න හිතන්න එපා හීනෙන්වත්. අර ආසියාවේ ආශ්‍චාර්ය ද මොකද්ද මඟුලක් මේ රටට කරලා දැන් මිනිස්සුන්ට එදාවේල කන්න නැතුව ඉන්නවා. ඒ කරපු සංවර්දනය දැන් හොඳටම ඇති. දැන් පාඩුවේ ඉන්න. අනුර යන තැන් හොයන්න ඕනේ නෑ.
කූරු ගනන් කරන්න ලෑස්ති වෙන්න……
කොහොම උනත් ළමයාගේ හිතට දුකක් තියනවා මේ ඉන්දියානු සංචාරය ගැන
හොරට නීති විභාගෙ ලියපු හොර පෙරකදොරුවෙක් ඔහොම කියද්දි අහවල් තැනින් හිනා ඕයි !
හිතේ දුකට කියවෙන කතා...තාම බැරිවුනාඅපේක්ෂකයෙක් හොයා ගන්න තමන්ගේපක්ෂෙ. අනුන්ගෙ කුණු කන්දල්හොයන්නෙ නැතුව තමන්ගේපක්ෂෙ වැළලෙන්න නොදී තියා ගන්න බලන්න. කවුරු ආණ්ඩු කලත් අසල්වැසියන් සමග තරහ වෙලාවැඩ කරන්න බැහැ. සහයෝගය කියන්නේ වහල්කම නොවන බවත්මතක තියාගන්න.
මේ රට සංවර්ධනය කර අපගේ දරුදැරියන්ට දියුණු සංවර්දිත රාජ්‍යක් උරුම කර දීම සඳහා රටේ දේශමාමක ජනතාවට නායකත්වය ලබා දීමට අදූෂිත අවංක දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජනබලවේගය නැතිනම් මාලිමාව නම්කල හැකියි.ඔවුන් මේ රට දියුනුකිරීම සඳහා අවශ්‍ය ස්වාධීන පාලන පද්ධති නිර්මාණය කරාවි. එවිට වංචාව හොරකම දූෂණය ,සම්පත් අවභාවිතය ,ඥාති හිතවත් සංග්‍රහ තොරවූ නීතිය හා සාමය සැමට එක සමානව භුක්ති විදිය හැකි රටට අවශ්‍ය ආයොජන ගෙනෙන අරපිරිමැසුම් දායීව ජනතා මුදල් පරිහරණය කරණ සැබෑ යහපාලන රජයක් නිර්මානය කරාවි. ඉහලම තලය අවංකව ප්‍රතිපත්ති සැලසුම් සකස් කර මේ රට ගොඩනැගීමට මේරටට හිතැති අවංකව ආදරය කරන ශ්‍රීලාංකිකයන්ට විද්වතුන්ට,ව්‍යාපාරිකයන්ට මේ රට ගොඩනැගීම සඳහා ආරාධනා කරාවි.එමෙන්ම මේ රටේ රටට හිතැති ජනතාව මහන්සිවී රටවෙනුවෙන් වැඩකිරීමට නිසි සැලසුම් මත කටයුතු කරාවි රජය අවංකව කටයුතු කර ඒ සඳහා අවශ්‍ය පසුබල සහාය ,උපදෙස් ,පසුවිපරම හා නියාමනය ලබා දෙමින් ඔවුන් දිරිමත් කරාවි. එදා මේ රට බේරගන්න ජීවිත පරදුවට තැබූ රණවිරුවන්ට කරන ඉහළම උපහාරය නම් මේ රට දියුණු සංවර්දිත රාජ්‍යක් කොට මේ රටේ අනාගත දරුවන්ට යහපත් රටක් නිර්මානය කිරීමයි.
කාමරේ ලෝයර් නාමලයා අපාගත වේවා..!!! තරුණ පරපුරේ හීන විනාශ කරලා සතුටු වෙන රාජපක්ෂ පවුලේ හැම කෙනාම අපාගත වේවා...!!!
ඉන්දියාවේ කෙහෙල් කැන් කපපු, භව බෝග සොරකම් කළ නිසා පන්නා දමපු අපි ඔක්කොම හොරු ඉන්දියාවේ පාලනයට එරෙහි වන්න එකඟ වෙන්න අපිට අපිට අයිතියක් තිබෙනවා. අපි ඉන්දියාවෙන් කුවේණි ඇතුළු පිරිසත් නැති කොට මේ රට කොල්ල කාපු අපි එය සුද්දන්ට පාවා දුන්නා...!
අපට ජෙප්පෝ අවශ්‍ය රට කාපු සෑම වර්ගයේම රාජපක්ෂලාට විනේ කටින්න විතරයි.
පුතේ ඔයා රඟපාන්න නම් හරිම දස්සයා... ඒ වුණාට හැමදේම තේරෙන්නේ නෑනේ නේද?
නුඹලාට කන්න බොන්න දීලා, වාහන දීලා, ගෙවල් දීලා පත්කරලා තියෙන්නේ ඕවා කියවන්න නෙවෙයි. ගිහින් පාර්ලිමේන්තුවට වෙලා අණපනත් හදන්න.
සියයට 3 නේ ඉතින්... ඕකට ඔච්චර කලබල වෙන්නේ මොකටද?
ඔය වගේ පල් හොරුන්ට වඩා ඉන්දියාව ගැන විශ්වාසය තියන එක හොඳයි...
මේ බේබිගේ ප්‍රකාශවලින් වෙන්නේ එකම දෙයයි. බේබිගේ දෙමව්පියන් බැනුම් අහනවා... ඒක විතරයි. ඒ නිසා කරුණාකරලා පාඩුවේ ඉන්න. කොච්චර නැටුවත් ලබන සැරේ ගෙදර තමයි.
රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ අය ගැන මොන කතාද?
මෙහෙමනේ වැඩේ... ඉතාමත් ගැඹුරු ළිඳක පතුලේ සිටින ගෙම්බෙක් ළිං කටෙන් පිටත කිසිවක් දන්නේ නැහැ.. ඉතින් ළිඳ ඇතුලේ දේවල් පමණයි දන්නේ... ඉතින් ඉන්දියාවට ගියාම ලෝක පුදුමයක් දකින්නට ඇති... කොහොම වුණත් එහෙම හරි උගතෙක් වෙලා රටේ පාලනය ගන්නවා නම් හොඳයි...!
අනුර ලබන ජනාධිපතිවරණයෙන් දිනන බව ඉන්දීය බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන සිටින නිසයි ඉන්දියාව අනුරට ආරාධනා කළේ ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය කොහොමද කියලා බලන්න. ඒකයි ඔය රාජපක්ෂලා කලබල වෙලා තියෙන්නේ...!
පොඩි මයිනෝ ,මහා මයිනතාත්තා ,රන් අම්මණ්ඩි මයිනි , මයිනෝ මල්ලිලා ඔක්කොම ජම්පර් මහගනිල්ලා,ළඟදීම රනිල් විසින් උඹලාව කුඩුවලට දානබවට ආරංචියක් යනවා.
රනිල් විරෝධීන් වූ තමුන් ඇතුළු අනිකුත් ජරාපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ හොර නාදය රනිල්ව ජනපති කරගෙන දැන් ප්‍රීති වෙනවා
කියලා වැඩක් නැහැ. ලංකාවේ කොම්පැනි ඉන්දියන් කාරයින්ට විකුනනවා කියලා උද්ගෝෂණන කරන ජෙප්පන්ගේ නායකයා ඉන්දියාවට ගිහිල්ලා අපේ කිරි නිෂ්පාදනය ඉන්දියානු අමුල් කාරයාට දෙන්න සාකච්ඡා පවත් වනවලු. 1989 ඉන්දියානු බෝරා මිනිස්සුනේ කර්මාන්ත, ආයෝජන, ව්‍යාපාර අපිට එපා කියලා ඔවුන් පන්නා දමා අපි දෑකැත්තෙන් මිටියෙන් රට හදනවා කියපු ගොබ්බයා දැන් ඉන්දියානු සමාගම් පස්සේ යනවා. ඉන්දියාවදැනගත්තා අනුර ලංකාවේ මැට්ටෝ ගොනාට ඇන්දුවාවගේ අපිට පුළුවන් අනුරයා ගොනාට අන්දන්න. එකේ පළමු පියවර ටයි කෝට් ඇන්දිල්ල. ඉතිරි හරිය පස්සේ කියන්නම්.