IMG-LOGO

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයේදී ඉන්දියාව ශ්‍රී ලංකා දේශපාලන නායකයින්ට බලපෑම් එල්ල කළා යැයි පළවන පදනම් විරහිත මෙන්ම අනුමාන මත පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එසේ පළ කර ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

ස්ථාපිත කර ඇති ව්‍යවස්ථාපිත ආයතන ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ වටිනාකම් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට අනුකූලව ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව සෑම අවස්ථාවකදීම සහාය ලබා දෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නැවත වරක් අවධාරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.

ඉන්දියාව තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට හෝ  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට කිසිම විටකත් මැදිහත් නොවන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.  



අදහස් (2)

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

Kumara Wednesday, 20 July 2022 02:37 PM

අරගලයට ජයවේවා..

:       40       8

අරුණ Wednesday, 20 July 2022 02:42 PM

හා එහෙනම් කමක් නෑ..ඔය කියන ඒවා ගනං ගන්න එපා. දැන්නේ නැද්ද අපේ එවුන් ගේ කතා .. හැබැයි තව තෙල් නම් ඕනෑ වෙයි.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 68 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site