(ලුසිත ජයමාන්න)
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණය සඳහා නිපදවූ 'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය රැගත් ඉන්දියාවේ PSLV රොකට්ටුව, සාර්ථකව මීට සුළු මොහොතකට පෙර, උඩු ගුවන බලා පිටත්ව ගියේය.
රොකට්ටුව උඩු ගුවනට යද්දී අදියරෙන් අදියර එහි කොටස් කැඩී වෙන්වෙයි. අවසානයේ පෘථිවි කක්ෂයට යනු ඇත්තේ 'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය රැගත් රොකට්ටුවේ මුදුනය. කැඩී වෙන්වන රොකට් කැබලි වැටෙන්නේ සාගරයටය.
පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදා හරින රොබෝ යානය, දින 125 ක දුර ගමක යෙදෙයි. ඒ, හිරු සහ පෘථිවිය අසල ඇති, තාරකා වනිද්‍යාඥයන් විසින් 'ලග්‍රාන්ජ් පොයින්ට්' Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය බලාය. රොබෝ යානය මෙම ස්ථානයේ රැඳවෙයි. විසින් 'ලග්‍රාන්ජ් පොයින්ට්' ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.
'ආධිත්‍යා Aditya L1' යානය හිරු ගවේෂණය කරමින්, හිරුගේ ඡායාරූප ගැනීම සිදු කරයි. ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ 'ආධිත්‍යා Aditya L1' දිනකට පෘථිවියට එවීමට නියමිත හිරුගේ ඡායාරූප ගණන 1,440 ක් බවය.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය හිරු ගවේෂණ යානය පෘථිවියෙන් යයි