ඉන්දීය රජය මගින් පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ඉන්දීය රජය වෙනුවෙන් සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලය මෙම ශිෂ්‍යත්ව පිරිනමන අතර ඒ අනුව ශිෂ්‍යත්ව වැඩසටහන් හතරක් ක්‍රියාත්මක වේ.
නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව, මවුලානා අසාද් ශිෂ්‍යත්ව, රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව එලෙස ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන්ය.
ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව/සමාජ විද්‍යාව සහ කලා යනාදී විෂය සඳහා නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව පිරිනමන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉහත සඳහන් කළ විෂය යටතේ ශාස්ත්‍රපති උපාධි පාඨමලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ.
රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරුකරණය, තාක්ෂණ විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමලා හැදෑරීමට අවස්ථාව උදාවන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂය යටතේ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනමන බව ද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ඉන්දීය රජය අපේක්ෂා කරන සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයන් ශිෂ්‍යත්ව සඳහා තෝරා ගන්නා බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පූර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යාපන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබාදෙන අතර තෝරාගන්නා අයඳුම්කරුවන්ට විශ්ව විද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් ද සැපයේ.
පෞද්ගලික ස්ථානවල නවාතැන් ගැනීමට කිසිදු ශිෂ්‍යකුට අවසර නොදෙන බව ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එසේම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍ය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක් සහ වෙනත් දීමනා රැසක්ද ලබාදෙන බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
සුදුසුකම් සපුරාලන අයැදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk වෙබ් අඩවියෙන් අයඳුම්පත් බාගත කරගත හැක. ජනවාරි මස 25 වැනිදා දක්වා අයඳුම්පත් බාර ගන්නා බව ද කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
උනන්දුවක් දක්වන සිසුන්ට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ සම්බන්ධ වන්නැයි ද මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී.
055
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දීය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවයි
කේ. නිලන්ති පුෂ්පලතා Saturday, 11 February 2023 11:36 AM
මම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ මට MA එක සංරක්ෂණ විද්‍යාවෙන් සිදු කිරිමට ශිෂ්‍යත්වයක් ලබාගත හැකිද?