(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා තවත් මාස 6 පමණ කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.
නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් එහි වැඩකටයුතු නිම කිරීම සඳහා තවත් මාස 4 ක 5 ක කාලයක් ගත වනු ඇති බවත් එම බලධාරීන් පෙන්වා දී තිබේ.නමුත් ඔක්තෝබර් තුන්වන සතිය පමණ වන විට ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන ඊසානදිග මෝසමේ තත්ත්වය මත කාල රාමුව වෙනස් විය හැකි බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත .
ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය රුපියල් කෝටි 8 ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම මුදල නාගපට්ටිනම් වැනි කුඩා වරායන් නඩත්තු කරනා තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලයට අනාගතයේදී ලැබෙනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා - ශ්‍රී ලංකා බෝට්ටු සේවය තව මාස 06කින්
de silva Monday, 24 July 2023 02:32 PM
ඔය බෝට්ටු සේවය කොළඹ ,ගාල්ල වැනි වරායවල් දක්වා ව්‍යාප්ත කරන්න බැරිද ?
බුද්ධික Wednesday, 26 July 2023 12:44 PM
සේවාවක් කෙසෙවෙතාත් හොරුන්ගෙන් ත්‍රස්තවාදීන්ගෙන් ලෙඩ රෝග වලින් අඩුවක් නැතිවෙයි.