IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය යුවළ මුහුදේ ගිලෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අඹු සැමි යුවළක් තිස්සමහාරාම, කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සුන්දරත්වය නරඹමින් සිටි අවස්ථාවේ චණ්ඩ රළ පහරකට අසූ වී ගසාගෙන ගොස් මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.

මෙම අඹුසැමි යුවළ රළ පහළට අසූවී ඈත දියඹට ගසාගෙන යද්දි දෙදෙනා සමග පැමිණි ඥාතීන් දෙදෙනකු ආධාර ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ සිටි පිරිසක් පැමිණ මුහුදට පැන පීනා ගොස් දෙදෙනාම ගොඩට රැගෙන ඇවිත් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කාන්තාව ඒ වන විටත් මියගොස් ඇති අතර බිම පුද්ගලයාට පණ තිබෙන බව පෙනී ගිය නිසා ඔහු දෙබරවැව රෝහලට රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහුද මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පොලිසිය කියයි.

මෙම අඹු සැමි යුවළ රළ පෑගීමට ගොස් සිටි ප්‍රදේශය අනතුරුදායක බවට භාෂා තුනෙන්ම පුවරු ප්‍රදර්ශනය කර රතු පැහැති කොඩිද එල්ලා තිබුණු බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (2)

ඉන්දීය යුවළ මුහුදේ ගිලෙයි

Perera Wednesday, 05 June 2024 10:17 AM

ඔය ඉන්දීය මිනිස්සු හින්දි විතරයි දන්නේ

:       8       9

සිරිල් දන්දෙනිය Wednesday, 05 June 2024 04:49 PM

අපේ රටේත් දරුවන්, වැඩිහිටියන් මේ ආකාරයට ගසාගෙන ගොස් මැරේ. ඒ අය සිංහල දනී. ඒත් ජීවිතය ජීවත්කරවන්න ඕනෑ කරන සාමාන්‍ය විද්‍යා දැනුම මෙතෙක් දීලා නෑ. ඉදිරියටත් එය දෙන්නේම නෑ. ඒ දැනුම සියලු අයට දෙන්න උත්සාහයක යෙදී සිටිනවා. ඒත් එයට රජයේ නම් සහයෝගයක් නෑ...!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site