IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය.

ඒ සමග ඉන්දීය මහ මැතිවරණයකදී සිය ඡන්දය භාවිත කළ පළමු ශ්‍රී ලාංකික සරණාගතයා වීමට නාලිනී සමත්වූවාය.

නාලිනී 1986 වසරේදී මන්දපම්හි පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකදී උපත ලැබුවාය.

ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ලෙස සේවය කර ඇති අතර පසුව සරණාගතයින් ලෙස ඔවුන්  ඉන්දියාවට පැමිණ තිබිණි.

2022 වසරේදී ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මදුරාසි මහාධිකරණයට නාලිනී පෙත්සමක්  ගොනු කළාය.එම නඩුවේදී තමන් ඉන්දීය පුරවැසියෙක් බවට අධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීමට නාලිනීට හැකි විය.

නාලිනී 1987 වසරට පෙර උපත ලබා තිබීම හේතුවෙන් ඇයට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ලැබුණාය.

1950 සිට 1987 වසර දක්වා සරණාගත කඳවුරුවලදී උපත ලැබූ පිරිසට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරට රජය ගත් තීරණය හේතුවෙන් ඇයට මෙලෙස ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ලැබීය.



අදහස් (0)

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site