
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා තිරුකෝණේෂ්වරම් කෝවිලේ වැදපුදා ගත්තේය.
කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වී ආශීර්වාද ලබාගැනීමෙන් පසුව එම කෝවිලේ පුජකවරුන් හා පරිපාලනය සමග කොමාසාරිස්වරයා සාකච්ඡාවකටද සහභාගී විය.
තිරුකෝණේෂ්වරම් කෝවිල ඓතිහාසික කෝවිලක් බවත් ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට තමත් කෝවිලට පැමිණි බවත්ය.
තිරුකෝණේෂ්වරම් කෝවිලේ සංවර්ධන කටයුතු හා අභිවෘද්ධිය වෙනුවෙන් උපකාර කිරීමට ඉන්දීය රජය අපෙක්ෂාවෙන් සිටින බවද ඒ මහතා කීවේය.
මහ කොමසාරිස්තුමා ඔක්තෝබර් 1වන දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මඩකලපුව සංචාරය ආරම්භ කළේය.
ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනකුගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ මූල්‍ය සහයෝගිතා යෝජනා ක්‍රමයක් පිරිනමන බව සඳහන් කළේය. මහ කොමසාරිස්තුමා ITEC, විවිධ ශිෂ්‍යත්ව සහ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාවයන් ඇතුළු ඉන්දීය රජය විසින් ගෙන ඇති විවිධ පියවර හරහා උසස් අධ්‍යාපන සහ කුසලතා පුහුණු ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය ඉහළ නංවාගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.


2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය මහ කොමසාරිස් තිරුකෝණේෂ්වරම් යයි