IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉන්දීය මහ කොමසාරිස්- කතානායක හමුවක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු විය. 

මේ අවස්ථාට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

අභිනව කථානායකවරයා වෙත සුබ පැතුම් පළ කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින  දිගුකාලීන  සබඳතාවය පිළිබඳව  සිහිපත් කළේය.  තවද දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් කිරීමටත් බලාපොරොත්තු වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.



අදහස් (0)

ඉන්දීය මහ කොමසාරිස්- කතානායක හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site