(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ලක්‍ෂ 20 ක බිත්තර තොගය අද (29) නිදහස් කරගැනීමට නියමිතව තිබූ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් පැවසීය.

බේකරි නිෂ්පාදන සඳහා එම බිත්තර හෙට (30) සිට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවලින් මිලදී ගතහැකි බවත් බිත්තරයක් රුපියල් 40 කට අඩු මිලකට ගතහැකි බවත් එම නිලධාරියා කීය.

මෙම බිත්තර තොගයේ අළෙවි සහ සාර්ථකත්වය මත තවත් බිත්තර අළෙවි කරන්නේ යන තීරණය වෙළෙඳ අමාත්‍යංශය ගනු ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.