(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවෙන් දුන් යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා යෙදීමට සුදුසු බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වෙත දැනුම් දුන්නේය.
ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙරට දී ප්‍රමිති වාර්තාවක් ලබා ගත් අතර ඒ අනුව මෙරට රසායනාගාරයකට පොහොර සාම්පල් යවා ඒවායේ අන්තර්ගත බයියුරේට් ප්‍රතිශතය සම්බන්ධව වාර්තාවක් ලබා ගෙන තිබෙි.
එම යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය 0.9% ක් බව එම වාර්තාව සනාථ කර තිබෙන බවත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද යූරියා වල බයියුරේට් ප්‍රතිශතය 1%ක මට්ටමේ පැවති හෙයින් ඉන්දීය පොහොර වගා සඳහා යෙදීම ගැටලුවක් නැතැයි පොහොර ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.
මීට පෙර මෙම පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර වාර්තා 03ක් ලබාගත් අතර, එම වාර්තා ද සඳහන් කර තිබුණේ බයියුරේට් ප්‍රතිශතය 0.65%ක අගයක් ගන්නා බවයි.
ඒ අනුව මෙම පොහොර වී, බඩඉරිඟු ඇතුළු බෝග සඳහා අද දින සිට ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd