(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (10 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් සම්පූර්ණ තරගයම හෝ කොටසක් හෝ පැවැත්වීමට පසුදින එනම් 11 වැනිදා අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ.
එම තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් ප්‍රේක්‍ෂකයන්ට අතිරේක දිනයේ ද එම ප්‍රවේශපතෙන්ම තරග නැරඹිය හැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ආසියානු ක්‍රිකට් සංගමයේ තරගාවලි කමිටුව එහි සම සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස්වී අද (8) පෙරවරුවේ මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට වර්ෂාව පවතින කාලයක් බව දැන දැනම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd