
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ.
යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශයන්හි ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව කලුකොඩි ඔසවමින් විරෝධතාවක නිරත වනු දක්නට ලැබිනි.
මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දින යාපනයේ ධීවරයින් බහුතරයක් සිය ධීවර කටුයුතු වලින් ඉවත්ව විරෝධතාවය වෙනුවෙන් සහය දැක්වීමද විශේෂත්වයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd