ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය  නිමිත්තෙන් විශේෂ සමරුම් උත්සවයක් කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අද පැවැත්විණි.

2022 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු ජනරජ දින සැමරුම මෙයයි.

මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා  ඉන්දීය මහ කොමසාරිස් නිවස වන ඉන්දියා හවුස් හි ඉන්දියාවේ ජාතික ධජය එසවීමෙන් පසු ගෞරව සම්මාන මුරයක් පරීක්ෂා කළේය.

මෙම උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත කණ්ඩායමේ ගීත සහ මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහන්රැසකින් සමන්විත විය.