IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය කොවිඩ් මාරයා ලංකාවට රිංගලා?

(සුජිත් හේවාජුලිගේ)

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින හෙයින් ශ්‍රී ලංකාවේ පැතිරීම ගැන මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.

මේ තත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බවද ප්‍රකාශ කළේය.

මෙවැනි රෝග ලක්ෂණ ඇත් නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බවද ඔහු කීවේය.

කොව්ඩ් එන්නත ලබාදීමේ වැඩ පිළිවෙල තවමත් ක්‍රියාත්මක වන හෙයින් අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

ඉන්දියාවේ කොචි නගරයේ ඉන්ෆ්ලූවන්සා රෝගයට සමාන රෝග තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂා කරන ලද රෝගීන්ගෙන් සියයට තිහකට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

 



අදහස් (5)

ඉන්දීය කොවිඩ් මාරයා ලංකාවට රිංගලා?

Rata Perata Thursday, 21 December 2023 05:34 PM

ඕක දියවන්නාව පැත්තට හරවන්න බැරිද?

:       4       38

අරවින්ද මොනරවිල Thursday, 21 December 2023 06:59 PM

මෙදා සැරේ වසංගත තත්වයක් ඇති වුනොත් මුකුත්ම නොකර නිකම්ම ඉඳියි...!

:       3       25

chandanaFriday, 22 December 2023 08:38 AM

අඩියෙන් අඩියට ගෙයින් ගෙට යමින් කොවිඩ් වලින් ජනතාව ආරක්ෂා කරන්න කටයුතු යොදපු මිනිහට දින 14 සිංහලයා සලකපු හැටි දැක්කනේ. ආයිත් කවදාවත් එහෙම සැලකුම් බලාපොරොත්තු වෙන්න එපා.

:       8       1

Rata PerataFriday, 22 December 2023 12:58 PM

මනුස්සයෙක් කරපු එක දෙයක් විතරක් අල්ලගෙන කහින්න එපා. මොලේ පාවිච්චි කරලා හොඳට කරුණු හොයලා බලන්න. කෝවිඩ් එන්නත් ඉස්සරවෙලා ගුවන් ගමන් සීමා කරන්න කිව්වා චීනය ඉඳලා එන... ඔය කෙනාම තමයි කිව්වේ කෙනෙක් දෙන්නෙක් මැරුණාට එහෙම කරන්න බෑ කියලා. අන්තිමට 20000ක් විතර මැරිලා නැවතුණේ...!

:       0       1

Prabha Thursday, 21 December 2023 10:06 PM

සමහරුන්ට නම් අවුරුදු එනවා වගේ දැනෙනවා ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 80 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site