(රෝෂන් තුෂාර)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට පැනවූ මෙරටින් පිටවීමේ තහනම් නියෝගය ජුනි මස 13 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද( 02) නියෝග කළේය.
තරග පාවාදීම සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කිරීමට කාළය අවශ්‍ය බැවින් විදෙස් ගමන් තහනම මාස තුනකට දීර්ඝ කරන ලෙසට ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
කෑන්ඩි සෑම් ආමි කණ්ඩායමේ කළමනාකාර යෝනී පටෙල්ට සහ පංජාබ් රෝල් කණ්ඩායමේ පැචලෝඩියා ආකාශ්ට මාර්තු මස 14 වැනි දින පැනවූ මෙම තහනම මෙසේ තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කෙරිණි.
සැකකාර යෝගී පටෙල් පසුගිය 26 වැනි දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර , තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙන්නාට පැනවු තහනම දිග් කරයි