
ඉන්දීය කඩුළු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකින් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.රිය අනතුර සිදුවන අවස්ථාවේ දිල්ලි නගරයේ සිට උත්තරකාන්ද් බලා රිෂාබ් ගමන් කරමින් සිට ඇත.
රිෂාබ් මර්සිඩීස් වර්ගයේ මෝටර් රථයක් ධාවනය කරමින් සිට ඇති අතර රිය අනතුර හේතුවෙන් මෝටර් රථය ගිනිගෙන තිබේ.රිෂාබ්ගේ හිසට සහ පාදයට රිය අනතුරෙන් තුවාල සිදුව ඇති අතර දෙරාදුන් නගරයේ මැක්ස් රෝහලට රිෂාබ් ඇතුළත් කර ඇත.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රිෂාබ් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබේ.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය නම් ඔහොම තමුන්ට තුවාල කරගන්නේ නෑ. බීලා වැරැදි පැත්තෙන් එළවලා, අහිංසක මිනිස්සුන්ටත් ගහලා හවස ගෙදරත් එනවා.