IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඉන්දීය ආධාර රැගත් තවත් යානයක් එයි

(අංජුල මහික වීරරත්න)

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 ගුවන් යානය මෙරටට ළගා විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම සහනාධාර නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත බාර දෙනු ලැබූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) හිටපු අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) දැනට විශ්‍රාම ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් සේවයේ නිරත සුනිල් ජයවීර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) ඉන්දික පුෂ්පකුමාර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා මහත්ම මහත්මීහු ආධාර බාර ගත්හ.

පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත් විය.

 



අදහස් (0)

ඉන්දීය ආධාර රැගත් තවත් යානයක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site