
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.
මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ද විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද සහභාගී වූහ .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු- ශ්‍රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් "මෛත්‍රී" සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක කවදාවත් වෙන්නෙ නෑ. හැමතිස්සෙම වෙන්නේ ඉන්දියාවට වාසි විතරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුවට ලංකාවටත් වාසිවෙන විදියට කළමනාකරණය කරගන්න කොහෙත්ම හැකියාවක් දක්ෂකමක් නෑ.