IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ප‍්‍රදර්ශනය

ඉන්දු ශ‍්‍රී ලංකා සබඳතාවල 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නවදිල්ලි නූතන ජාතික කලාගාරයේ දී පවත්වන “Geoffrey Bawa; It is Essential To be There”  ප‍්‍රදර්ශනය ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා මහතා ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ඉන්දියාවේ විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය, මීනක්ෂි ලේඛී මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජෙෆ්රි බාවා භාරය සහ නවදිල්ලියේ ජාතික නූතන කලා ගැලරිය, එක්ව සංවිධානය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී අභාවප‍්‍රාප්ත ජෙෆ්රි බාවාගේ නිර්මාණ ඇතුළත් ඓතිහාසික ප‍්‍රදර්ශනය ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවල හැත්තෑ පස්වන වසර නිමිත්තෙන් පවත්වන අතර එය පුරා මාස දෙකක් පැවැත්වෙනු ඇත.

ශ‍්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී, අන්තර් ජාතික කීර්තියට පත් ජෙෆ්රි බාවා ගේ දැක්ම ප‍්‍රචලිත කරන 2004 වසරෙන් පසු, ඔහු ගේ නිර්මාණ කෘති ජාත්‍යන්තරව ප‍්‍රදර්ශනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙයට කලින් ඔහුගේ නිර්මාණ එක්සත් රාජධානිය, උතුරු ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, බ‍්‍රසීලය, සිංගප්පූරුව සහ ජර්මනිය යන රටවල ස්ථාන කිහිපයකදී ප‍්‍රදර්ශනය කර තිබුණි.

බාවා ලේඛනාගාරයේ ලිපි ලේඛන 120 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනයේ දැකගත හැකි අතර, ඉදි නොකළ වැඩ පිළිබඳ කොටසක් සහ බාවාගේ චාරිකාවල ඡුායාරූප ද ප‍්‍රදර්ශනයට ඇතුළත් වේ. මෙම ප‍්‍රදර්ශනය නිර්මාණාත්මක අදහස්, චිත‍්‍ර, ගොඩනැගිලි සහ ස්වභාවික ස්ථාන අතර සම්බන්ධතා සහ බාවාගේ අනන්‍ය භාවිතයේදී රූප භාවිතා කළ විවිධ ආකාරයන් ගැඹුරින් ගවේෂණය කළ හැක.

විවෘත කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සමග ඉන්දියාවේ පිහිටි තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, කලා ලෝලීන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වුහ.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, ජාතික නූතන කලා ගැලරියේ අධ්‍යක්ෂ, ටෙම්සුනාරෝ ත‍්‍රිපාටි සහ ජෙෆ්රි බාවා භාරයේ භාරකරු සංජය කුලතුංග මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.

ජෙෆ්රි බාවා ඉන්දියාවේ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි කිහිපයක් නිර්මාණය කර ඇත. ශ‍්‍රී ලංකා-ඉන්දියා සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ සංවිධානය කර ඇති මෙම ප‍්‍රදර්ශනය 2023 මැයි 07 දක්වා ප‍්‍රදර්ශනය කෙරේ.



අදහස් (0)

ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ප‍්‍රදර්ශනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site